Chapter 3

132 30 27
                                    

කලින් අවුරුදුවලදි වගෙම මේ අවුරුද්දෙත් මට ගොඩක් කරදරවලට මැදි වෙන්න සිද්ධ උනා..

ගිය අවුරුද්දේ අපි ගියේ සෝල් යුද හමුදා බිමට..එහෙදි මම කාලතුවක්කු අතගාන්න ගිහින් කරදරයක් කරගත්තා..

ඇත්තටම මම හිතලා පාසල් බසය ඉලක්ක කලා නෙවෙයි..ඒ වුනත් අන්තිමේදී මාව ඒ පාසලෙන් එලෙව්වා.

ඊටත් කලින් අවුරුද්දේ ඒ කියන්නේ මම හතර වසරේ ඉන්නකොට අපි මුහුදු මෝරු බලන්න මින් මැදුරක අභ්‍යන්තරයට ගියා.

එහෙදි මම මොකක්දෝ වැරදි ලීවරයක් ඇදපු නිසා අපේ පන්තියේ ඔක්කොටම බලාපොරොත්තු නොවූ විදිහට පීනන්න අවස්තාවක් හම්බ වුනා..

එතකොට ඊටත් කලින් අවුරුද්දේ...හොදයි, ඔයාට ඉතින් හිතාගන්න පුලුවන්නේ..

ඉතින් මේ චාරිකාවෙදිවත් හොද ලමයෙක් වගේ ඉන්න මම තදින්ම හිතාගත්තා..

ඒ නිසාමද කොහෙද අර පොල්දත් තීන හාවා මග දිගටම මගෙ හොදම යාලුවා උන ජිමින්ට සැන්විච් කෑලිවලින් ගැහුවා.

ජිමින් කියන්නේ හරිම අහිංසක කෙනෙක් ඒ නිසා හැමෝම එයාට අඩත්තේට්ටම් කලා..

ඒ වගේ අඩත්තේට්ටමකට මුහුන දෙන්න උනෝතින් ජිමින් කරන්නේ පොඩි එකෙක් වගේ අඩන එක..

කොහොමහරි ජිමින්ගේ කොන්ඩෙ ජන්කුක් ගහපු සැන්ඩ්විච් කෑලී රැදිලා තීනවා දැක්කම ගගේ මාලු මගෙ ඇගේ නැටුවා..

මම දැනටමත් පරිවාසෙකට යටත් වෙලා ඉන්න නිසා එයා කරන ඒවට විරුද්දව මට මුකුත් කරන්න බෑ කියලා ජන්කුක් දැනන් හිටියා..

මේ චාරිකාව අතරතුරේදි මොනවා හරි නරක දෙයක්,කට්ටියව අපහසුතාවයට පත්වෙන දෙයක් ,අඩුම තරමේ ලාවටවත් ජොලි දෙයක්වත් සිද්ධ වුනෝතින් මාව එල්ලනවා කියලා අපේ විදුහල්පති මට කලින්ම තර්ජනේ කරලයි තිබුනේ..

"මම අරකව මරනවා.." මම කෙදිරුවා..

"අයියෝ ඒක ගනම් ගන්න එපා."මාව සන්සුන් කරන ගමන් ජිමින් කිව්වා..

ඒත් ජිමින්ගේ ඔලුවේ තවත් සැන්විච් කෑල්ලක් වදිනකොට මගේ කේන්තිය ඉහ වහා ගියා..

"හොදටම ඇතී..." මන් හිටපු තැනින් නැගිට්ටේ අර හාවගේ කටේ සැන්විච් ඔබලා කැරට් අලේකින් ඔලුවට ගහන්න හිතන්..

"ඔයා දැනටමත් ඉන්නේ පරිවාසෙකට අහුවෙලා කියලා අමතකද ?" ජිමින් මගෙන් ඇහුවා.

"දන්නවනේ පොඩි දෙයක් හරි සිද්ධ උනොත් කාටද කන් දෙක පුරවලා අහගන්න වෙන්නේ කියලා.."

එදා සිද්ධ උන දේවල් එක්ක බලනකොට අපරාදේ මන් ජන්කුක්ගේ හොම්බ තැලුවේ නැත්තෙ කියලා හිතුනා..

එදා සිද්ධ උන දේවල් එක්ක බලනකොට අපරාදේ මන් ජන්කුක්ගේ හොම්බ තැලුවේ නැත්තෙ කියලා හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Happy birth day love..😘😘😘❤️

A sub - godWhere stories live. Discover now