බරපතල
චෝදනාවකි,නිදහස සෙවීම,
වගකීම් හැර යන්නෙකු
බවට
මා
පත් කොට හමාරයි,ඉතිං,
පිළිවෙතින්
පෙළ ගැසී,
සුභ නැකැතින්,
ඔවුන් පෙන්නන
වියගහ
කරට ගන්නම්,ඔබලා
උගතුන්ගේ
වෙන්දේසියේ
විකිණෙන
වංශවත් වහළෙකු
දැක,
ඔහු ට
අත්පුඩි ගසන්න....
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
වෙන්දේසි වීම
බරපතල
චෝදනාවකි,නිදහස සෙවීම,
වගකීම් හැර යන්නෙකු
බවට
මා
පත් කොට හමාරයි,ඉතිං,
පිළිවෙතින්
පෙළ ගැසී,
සුභ නැකැතින්,
ඔවුන් පෙන්නන
වියගහ
කරට ගන්නම්,ඔබලා
උගතුන්ගේ
වෙන්දේසියේ
විකිණෙන
වංශවත් වහළෙකු
දැක,
ඔහු ට
අත්පුඩි ගසන්න....