part 18

368 59 10
                                    

"නිකී,රිකී ඔයාලා දෙන්නා හිතනවද ශාන් ආපහු එයි කියලා"

"මම දන්නේ නෑ යුකී"

නිකී කිවුවා.

"හැබැයි මූන්,මයික් දෙන්නට සිහිය එනකල් ශාන් හිතන එකක් නෑ මෙහෙට එන එකේ අවදානමක් තියනවා කියලා"

රිකී දෙන්නටම කිවුවා.

"ඔව් මට දැං තේරෙනවා කවුද කලිං අපේ කට්ටිය මැරුවේ කියලා.අර ඩෙවිල් එක්ක ඉද්දී කේස් එක ගිය දවසේ."

යුකී රිකීට මතක් කරා.

"ඒක ඇත්ත. මටත් දැං ඒක හිතෙනවා.ඒත් යුකී ඔයා හිතනවද මේක ශාන් තනියම ගහන ගේමක් කියලා."

රිකී ආපහු ඇහුවේ ඒක් කොහොමත් වෙන්න බැරි දෙයක් කියලා තේරෙන නිසා.

"ඔව් ඇත්ත ඒක මාත් දන්නවා . මට තියන බය මේක අපි හිතනවට වඩා.ලොකු දෙයක්ද කියලා හිතාගන්න බැරි එක.අපිට ෆයිට් කරන්න බැරි ලොකු අතක් මේක පිටිපස්සේ තියනවද කියන එක."

යුකී කල්පනා කරන ගමං කිවුවා.

"කොහොමද දැං මූන්ගෙයි මයික්ගෙයි තත්වේ"

යුකී ආපහු ඇහුවා.

"කිසිම progress එකක් නෑ යුකී. දෙන්නා මැශින් ටික නිසාම ඉන්නවා.මැශින් අයින් කරොත් දෙන්නා මැරෙනවා.ඒත් මූන්ගේ පොඩි progress එකක් තියනවා කියලා ඩොක්ටර් කිවුවා."

රිකී කිවුවා.

"හ්ම්ම් දෙන්නටම හොඳ උනොත් හොඳයි.රශ් ඉන්නේ ගොඩාක් ඩිප්‍රෙස් වෙලා.එයාගේ ලඟම මිනිස්සු එක එක එයාට නැති වෙනවා"

"රිකී නිකී මොකටත් ටිකක් ඇහැ ගහගෙන ඉන්න ශාන් ගැන හෝඩුවාවක් හම්බ වෙනකල්. මම එතකල් ඩෙවිල් ගැන බලාගන්නම් මගේ පැත්තෙං.මුලින්ම ජේක්ව අපි ගාවට ගන්න වෙනවා.ඊලඟට අපිට ප්ලෑන් කරන්න පුලුවං ඉස්සරහට මොකද වෙන්නේ කියලා"

"හරි යුකී අපි සෝදිසියෙන් ඉන්නම්"

"හ්ම්ම් මුලින්ම යං දෙන්නා මාත් එක්කම university එක පැත්තට. මට තව ටිකකිං lecture එකක් තියනවා"

"හරි යුකී යමු "

කට්ටියම ඊලඟට යුනිවසිටි ගියා. යුකී ඇතුලට ගියාම නිකී,රිකී ඩබල එලියට වෙලා කයියක් ගහගෙන හිටියා.

YUKIWhere stories live. Discover now