part 8

398 53 4
                                    

රශ් යුකීව තුරුල් කර ගත්තා.

"මොකද මේ ඇයි මේ? යුකී බලන්න මං දිහා"

"😭 මාව අල්ලන්න එපා 😭. මම ජරාවක් "

යුකී අඩන ගමං කියවන්න ගත්තා.ඩෙවිල් නිසා යුකී මානසිකව වැටිලා ඉන්නවා කියලා රශ් දැනගෙන හිටියත් මෙච්චර ඒක බරපතල ඇති කියලා රශ් හිතුවේ නෑ.

"යුකී මැනික මේ මම . බලන්න මං දිහා මම රශ්."

"ර් රශ් 😭😭"

යුකී රශ්ගේ බෙල්ල බදාගෙන එයාගේ මූන රශ්ගේ බෙල්ලේ හංග ගත්තා.

රශ් එතනම බිමින් යුකී ගාවින්ම වාඩි උනා.

"ප්ලීස් මෙහෙම වෙන්න එපා යුකී දැං ඒක අමතක කරන්න.ඒ වෙනුවට මං ගැන හිතන්න"

"ම් මට ඒ ගැන මතකයක් තිබ්බේ නෑ.ඒත් ඩෙවිල්ව දැක්ක ගමං මට ඒ ඔක්කොම මතක් උනා"

රශ් මොකුත් නොකියා යුකීව තව ටිකක් තුරුල් කර ගත්තා.ටික වෙලාවක් එහෙම්මම ඉදලා රශ් ආපහු යුකීව කාඹරේට අරන් ගියා.ඇදුමකුත් අන්දලා දෙන්නම ඔහේ කතා කර කර හිටියා.ඒත් එක පාරම කාඹරේ දොරට කවුරු හරි තට්ටු කරා.

"එන්න "

රශ්ගේ අවසරේ හම්බ උන ගමං කාඹරේ ඇතුලට ආවේ ජේක්.ජේක් බෑග් එකකුත් අරගෙන ඇතුලට ආවා.

"ජේක් මොකද මේ බෑගුත් අරගෙන"

රශ් ඇහුවා.

"ඇයි බොස් මම කිවුවේ මට පොඩි රෙස්ට් එකක් ඕන"

"ම්ම් හරි ජේක් ඔයාට ඕනම නම් යන්න"

"හරි බොස් මං ගැන බය වෙන්න එපා.මම සති තුන හතරකට පස්සේ ආපහු එනවා"

"එච්චර කාලයක්.ම්ම් හ්ම් හ්ම් ගිහිං එන්නකෝ"

රශ් ජේක්ට අවසර දුන්නා.ජේක් රශ්ට ඔලුව නමලා ආචාර කරලා එතනින් යන්න ගියා.

"ඇයි ජේක් යන්නේ.මොකක්ද හේතුව"

"හ්ම්ම් මටත් හිතා ගන්න බෑ කෙවින්ගේ මැරුණ එක ජේක්ගේ ඔලුවට වදයක් වගේ."

"එයා කෙවින්ට කැමතිද?"

"හ්ම්ම් නෑ යුකී මම හිතන්නේ එයාට පොඩි වරදකාරී හැගීමක් තියනවා කෙවින් මැරෙන්න කලිං එයා කියපු දේවල්.වලට"

YUKIWhere stories live. Discover now