🌊 XXVI 🌊

153 43 56
                                    

*********

"බබා...

"ම්ම්ම්....

"ඔයාට හිතෙන්නෙ නැද්ද අම්මා ඉන්නෙ මොකක් නමුත් ලොකු වේදනාවක කියල...

*
*


"එයා පපාගෙ මරණෙත් එක්ක ගොඩක් මානසිකව වැටුනා ගගා.. අපි නිසා තමා එයා හිනාවෙලා ඉන්නෙ... ඒත් ඇයි ඔයා එකාපාරට ඔහොම කියන්නෙ.. එයා මොකුත් කිව්වද..

"ආ... නෑ නෑ.. අම්මා මගෙ මමාගෙ හොදම යාලුවෙක් කිව්වා.. ඒත් ඊට එහා මොකුත් කිව්වෙ නෑ එයා.. අනිත් එක අපෙ මමා කවදාවත් මට එයාට යාලුවො හිටිය කියලවත් එයාගෙ කොලේජ් ජීවිතේ ගැනවත් මොකුත් කියල නෑ...

"සමහරවිට එයා තාත්තගෙ ප්‍රශ්න එක්ක ජීවත් උන නිසා එයාට ඒවා හිතන්න වෙලාවක් නැති වෙන්න ඇති ගගා... මමා පව්.... එයා හිටියනම් මම එයාව මගෙ අම්මා වගේම බලාගන්නවා..

ශාන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන්ම ඊබෝව එයාගෙ උරහිසට හේත්තු කරන් සුසුමක් හෙලුවෙ වෙන කියන්න දෙයක් එයාට නැති නිසා...

මමා ඔයා අපි දිහා බලාගෙන නේද ඉන්නෙ.. ඔයා මම ගත්තු තීරණ එක්ක ඉන්නව කියල මම දන්නවා මමා...

ශාන් හුස්මක් එක්ක සිතුවිල්ලක් පිටකලේ එයාගෙ මමාට හිතෙන් කතා කරන ගමන්මයි.

"බබා නැගිටින්න car park එකේ ඉන්නෙ.. ලමයෝ..

"ආ....ආවාද....

"ආවද තමා... පුදුම නින්දක් මේක...

ශාන් හිනාවෙන්ම වතුර බෝතලේ දික් කරේ ඊබෝගෙ නිදිමත ගතිය නැති කරන්න ඕනි නිසා...

"ගගා ඔයා පස්සෙ එන්න මම ඉස්සර වෙලා ඇතුලට යන්නම්...

"ඇයි....

ශාන් ඇස් දෙකත් අකුලන් අහද්දි ඊබෝ අහිංසක හිනාවක් දැම්මේ වැරදි දෙයක් කිව්වද හිතන ගමන්...

"නෑ ඉතිං කව්රුත් දැක්කොත් ඒක ඔයාට හොද නෑනෙ කියල මම කිව්වෙ...

🌊THE WAVES 🌊 (ZhanYi FF) ‼️ON HOLD ‼️Where stories live. Discover now