🌊 - XXIII - 🌊

152 48 22
                                    

ඊබෝ ඉක්මන්ට දොර ඇරන් ඇතුලට යද්දි දැක්ක දේ එක්ක එයා කාමරේ ඇතුලට දිව්වෙ මොන සිහියෙන්ද කියල එයාටම මතක නැති උනා...

"අනේ මගෙ ගගා.....

*****************


ඇඳ ගාව බිම වාඩිවෙලා ඉන්න ශාන් දැක්කාම කරගන්නේ මොකක්ද කියලා ඊබෝට හිතාගන්න බැරිවුණා

"හැමදාම කියනවා හිතුවක්කාර වෙන්න එපා කියලා මොන මගුලක්ද කරන්න ගියේ ගගා..

"ඉතිං ඔයත් මං කියන එක අහන්නේ නෑනේ..

ශාන් මූණත් බෙරි කරන් කියද්දි ඊබෝ කළේ හොඳවයින් රවන එක.

"බලන්න ආයෙ පෑරිල ගිහින්...... අනේ ඇත්තමයි මොන මගුලක් ද කරන්නෙ.. ඔයාට සෙල්ලමක් ද මේක... බලන්න ඔහොම තමන් ගැන කිසිම වගකීමක් නැති ඔයා නේද තනියෙන් ගෙදර ගිහින් ඉන්න හැදුවේ...

"ගිරිය පුප්පන්න කලින් මාව උස්සනවකො.. මේක රිදෙනවා

ශාන් අමාරුවෙන් කියද්දි ඊබෝ කදුලු පිරුනු ඇස් වලින් හෙමීට එයාව ඇදෙන් වාඩි කරා...

"කොහෙද ඉන්න කියද්දි ගියෙ..

"ඇයි ගගා ඔයා ඔහොම...

"ආදරේ නිසා...

ශාන් බිම බලාගෙන කියද්දි ඊබෝට තවත් ඒ හිත රිද්දන්න හිතුනෙ නැ..

"මම අම්මට කෝල් කරා.... ඒ කරල හැමදේම කිව්වා...

"උඹට පිස්සුද බෝයා.. දැන් මට කියන්නෙපා මාව දාල එන්න කිව්ව කියල නම්....

ශාන් ඊබෝව ලගට ඇදලා අල්ල ගත්තෙ උදුරගන්න හදන දෙයක් හංගගන්න වගේ..

"ඔයා මොනාද ගගා අපේ අම්ම ගැන හිතන් ඉන්නෙ..

ඊබෝ එහෙම්මම ඒ ඇස් දිහා බලන් අහද්දි.. ශාන් උනේ මොකද්ද දැනගන්න බලාගෙන ඉදියා..

"අම්ම කිව්වා බොරු කිව්වට පනිෂ්මන්ට් එකක් දීලම සාත්තුව පටන් ගන්නවා කියල...

"මොකක්......

"ම්ම්ම්... එක්ක එන්න කිව්ව කොහෙවත් නොයා... ඇස් මානෙන් හිටපල්ල කිව්ව...

🌊THE WAVES 🌊 (ZhanYi FF) ‼️ON HOLD ‼️Where stories live. Discover now