🌊 -XXII- 🌊

199 54 12
                                    

ඒ එක්කම ආව කෝල් එක නිසා ඊබෝ හැරිලා බලද්දිම ඊබෝට දෙලොව රත් උනා...

මලමගුලයි... ගගා අම්මා...

📲 අම්මා....

ඊබෝ ශාන්ගේ මූණ බැලුවේ බැනුම් අහන්න වෙන බව දන්න නිසා

දැන් මොකද කියන්නේ ගගා... අමතක උනානෙ අයියෝ... වසල හමාරයි...

අහිංසක චූටි දුවවත් අල්ලන්න

චූටි දූට දෙන්න කිව්වොත් ෆෝන් එක මොකක්ද කරන්නේ

අපි කියමු නිදි කියලා එතකොට ෂේප් වෙයි

හ්ම්ම්... දැන් ඉතිං එහෙමවත් කියල බලමු..

අන්සර් කරන්න ඕක ඉක්මනට කට් වෙන්න කලින්

අම්මා..

අම්මා තමයි දවසෙම අම්මව මතක නෑනේ කාටවත් දැන් බොරුවට එනව මෙතන...

චූටි දූ එක්ක සෙල්ලම් කරා.. වෙලාව යනවා දැනුණේ නැහැ අම්මා..

විශ්වාස කරන්න අමාරුයි... මාව අමතක වෙන්න තරම්.. මුකුත් ප්‍රශ්නයක් නෑ නේද චුටී... කෝ ශාන් පුතා... චූටි දෝණි කෝ...

චූටි දූ නිදි අම්මා.. ශන්ග මෙතන ඉන්නවා... දෙන්නද..

දෙන්නකො බලන්න..

ඊබෝ ඇහැක් උස්සල ෆෝන් එක දික් කලේ වචන පරිස්සමෙන් කියල මතක් කරන්න..

අම්මා ....

පුතා.. අපේ චූටි වද දුන්නෙ නෑ නේද..

නැත්තෙමත් නෑ අම්මා.. මම ඇවිත් කියන්නම්කො කේලම් ටික ඔයාට...

අනෙක් පසින් ඊබෝගෙ මව හඩගා සිනාසෙන හඩ ඇසී ශාන්ගෙ සිතට සැනසීමක් දැනුනෙ ඇයට ඇමතුමක් ලබා ගැනීමට නොහැකි වීම ගැන කනස්සලු වෙන ගමන්...

මද්දු.. පරෙස්සමින් ඉන්න දෙන්නම මම තියන්නම් එහෙනම්... චූටි එක්ක හෙට එනව නේද...

ඒ ප්‍රශ්නෙට නම් ශාන් නිරුත්තර වෙලා බලාගෙන හිටියෙ ඊබෝගෙ මූණ දිහා

හරි අම්මා මට එන්න බැරි උනත් මම ගගා එක්ක චූටිව එවන්නම්...

එනවනං දෙන්නම එන්න... දන්නවනේ අම්මා දැන් ඔයාටත් සැරයි කියලා

🌊THE WAVES 🌊 (ZhanYi FF) ‼️ON HOLD ‼️Where stories live. Discover now