07.confession

106 19 5
                                    

"Tee... පැටියෝ... ඔයා එන්නෙපා අද cafe එකට යන්න. මම තනියෙන් යන්නම්.... ප්‍රශ්නයක් වෙන එකක් නෑ...

"Dia... මමත් එනව.... එයාලා එන්න කියල තියෙන්නෙ අපි දෙන්නටම නෙ.... මොන දේ උනත් මම ඔයා එක්ක ඉන්නව කියල ඔයා දන්නව නෙ.... අද අපි හොදින් කතා කරමුකො.... ප්‍රශ්නයක් වෙන්නෑනෙ එතකොට..."

"..."

Diaයි Teeයි cafe එකට යද්දිත් yuwinයි hinulයි එයාලා එනකම් බලන් හිටියා...

"අහ්... නන්ගිලා... ඇවිල්ලා වගේ.. නේ... කියන දේ අහන හොද ලමයි නෙහ් මෙයාලා..."

අමන හිනාවකින් මෙහෙම කියද්දි Diaට yuwinගෙ මූනටම ගහන්න හිතුනත් Tee එයාගෙ අතින් අල්ලන් හිටපු නිසා Dia කට වගගෙන ගිහින් ඉද ගත්තා.

"කියන්න."

ඉද ගන්න ගමන්ම Dia කිව්වා.

"..."
"... හොදයි... මෙ අහන්න එහෙනම්..." hinul කතාව පටන් ගත්තා.

" මමයි yuwinයි එදා මස්සිනාලා කතාව කිව්වෙ විහිලුවට නෙවෙයි. ඇත්තටම මමයි yuwinයි ඔයාලා දෙන්නට කැමතියි...."

"ඔව්"

yuwin මූනෙ expressions වල වෙනසක් නොකරම කතාවට එකතු උනා....

yuwinගෙ මූන දකිද්දිත් තරහෙන් පුපුරන Dia, hinul එක්ක කෙලින්ම කතා කරන්න පටන් ගත්තෙ hinul එයාට කැමතියි කියන එක ගැනවත් නොහිතා.

"hinul මේ අහන්න. Sorry"

"Sorry"

Dia ,sorry කියද්දිම හීනි හඩකින් Teeත් sorry කිව්වා.

"මේ අහන්න. අපි ඔයාලට සලකපු විදිය වැරදියි. අපිට ඒක තේරෙනව. ඒත් අපිට chance එකක් දෙන්න බැරිද."

ඒ වාක්‍ය ඉවර වෙද්දිම මේ පාර කතා කලේ Tee.

"ඒක නෙවෙයි හේතුව... මට ඇත්තටම මේ වෙද්දිත් මම කැමති කෙනෙක් ඉන්නව."

ඒ වචනත් එක්ක Dia ගෙ ඇස් උඩ ගියෙ, Tee එක පාරටම එහෙම කිව්ව එක පිලිගන්නවත් බැරි උනා වගේ.
පුංචි හිනාවකුත් එක්ක Dia, Teeගෙ අතින් අල්ලා ගත්තෙ ඒ සතුට නිසා.

"මොකක්??.."

yuwinට කෑ ගැහුනා. ඒත් එක්කම hinul, dia දිහා බැලුවා. එතකොට වෙනසක් තේරුන hinul, Dia එක්ක කතා කරන්න ගත්තා....

"මොකක්ද මේකෙ තේරුම?"

ඇහි බැමත් උස්සන ගමන් hinul එහෙම අහද්දි, Dia එයාගෙ මූනෙ expressions වෙනස් නොකරම hinulට උත්තර දුන්නා

"Well... we are dating. මේ ඉන්නෙ මගෙ කෙල්ල."

ඒ වචන ඉවර වෙනවත් එක්කම yuwin කතා කලා.

" disgusting lesbians"
"Fuck"

ඒ වචනවල වෛරයක් විතරක් පිරිලා තිබ්බා වගෙයි Diaටයි Teeටයි දැනුනෙ.

මීට විනාඩියකට කලින් ආදරෙයි කිව්ව මිනිස්සු දෙන්නම දැන් එයලව disgust කරනව පෙනෙද්දි තමන් ගැනම පොඩි කලකිරීමක් Teeට දැනෙන්න ගත්තා

"මොන හු**ක්ද... වරෙන් hinul යන්න. බැල්ලියො දෙන්නෙක්"

ඒ වචනත් එක්කම yuwinයි hinulයි එතනින් නැගිටලා යන හැටි අසරන වෙච්ච ඇස් වලින් Tee බලන් ඉද්දි, Teeගෙ ඔලුව Dia එයාගෙ උරහිසට ලන් කරලා පොඩියට kiss කලා.

"ඒක හරි යයි. ප්‍රශ්නයක් වෙන එකක් නැහ්... මොනවා උනත් මම ඉන්නවනෙ පැටියො..."

ඒ අස්සෙම පොඩි ඉකි ගැහිල්ලක් එක්ක Tee, Diaට
"Sorry"
කිව්වෙ එයා වැඩිය නොහිතා කිව්ව දේ නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියල හිතුන නිසා.

"මට සතුටුයි මම ගැන එයාලට ඔයාම එයාලට කිව්ව එකට මැණික. මොන දේ උනත් මම ඉන්නව නෙ... දැන් ඒවා හිතන්නෙපා... මගෙ හොද කෙල්ලනෙ"

මේ වෙච්ච දේ නිසා දෙන්නගෙම හිත් වල බයක් ඉපදෙන්න ගත්තෙ, තමන්ගෙ ජීවිතේ ලස්සනම කාලෙට මිනිස්සුන්ගෙ සම්මතේ ඇතුලෙ හෙන ගහන්න ලෑස්ති බව දැනෙන්න ගත්ත නිසා.

නැවත හමුවන තුරාWhere stories live. Discover now