04.best friends

126 23 6
                                    

"අම්මා... අපි යනවා ඒනම්...."
"Auntyyy... අපි ගිහින් එන්නම්..."
"හරි ලමයි... පරෙස්සමෙන්...."

ගෙදරින් එලියට ගියපු Dia යි Tee යි ගෙදර පහු උන ගමන් ටික ටික එකිනෙකාට ලං උනේ ලැජ්ජාවෙන් රෝස පාට උන කම්මුල් එක්ක. Dia ගෙ අත හිමින් සැරේ Teeගෙ අතේ ගෑවෙන කොට පුංචි අහින්සක හිනාවක් එක්ක Tee එයාගෙ සුලැගිල්ලෙන් Dia ගෙ සුලැගිල්ල අල්ල ගත්තා.
ඇගිලි පටලවන් ටික්ක් ඉස්සරහට ගිය Dia එක පාරටම නැවතුනේ ඇයි කියලා Tee ටත් හිතා ගන්න බැරි උනා...

එහෙම්මම ආපස්සට හැරුනු Dia, Tee ගෙ ලගට මූන පාත් කරල Tee ගෙ බෙල්ල kiss කලේ, වට පිටාවෙ කවුරුහරි හිටියත් එයාට ගානක් නැතුව වගේ. ලැජ්ජාවට මූණ තවත් රතු උන Tee ඉක්මනට ඉස්සරහට ගියා.

ලැජ්ජාවෙන් ඉස්සරහට යන Tee දිහා ආසාවෙන් බලන් හිටපු Diaට තමන්ගෙ කෙල්ල කොච්චර cute ද කියල හිතද්දි පුදුම ආදරයක් දැනුනෙ.

මේ වගේ පුංචි පුංචි හුරතල් වැඩ එක්ක ඉස්කොලෙ ගියපු Tee ටයි Dia ටයි මුලින්ම හම්බුනේ dew ව.

"WTF... දැන් මොකද කරන්නෙ...." මේ වගේ හැගීමක් එක්ක මූනට මූන බලන් හිමින් හිමින් Teeයි Diaයි ඉස්සරහට ගියෙ කර කියා ගන්න දෙයක් නැතුව. දවසකට කලින් යාලුවට ගැලපෙනව කිව්ව කෙල්ලව අද තමන්ගෙ කෙල්ල කරන් ඉන්න Dia ට හීන් දාඩියත් දා ගෙන ආවා...
Dew, Dia ට Hi කියල Tee ලගට ආවා.

" T..tee..sha... මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුලුවන් ද?....
තනි...තනියම..."

"...."

"..ok..."

.
.
.

"..."

"Tee... මේ අහන්නකො., මම.... මම ඔයාට කැමතියි... ඔයා දැම්ම උත්..."

"Dew... sorryy.. ඒත්.... i already have someone else...."
"Sorryy dew..."

ඇස් දෙක උඩ ගියපු dew "ඒ කව්ද" කියල අහන්න කට අරිද්දිම එතනට dia ආවා.

"Sorry dew..."

"මොකක්... හෝව්... හෝව්... පො..පොඩ්ඩක් ඉන්න.... i'm still processing..... ආහ්හ්හ්... හරි... දැන් තේරුනා..."

"Sorry dew... උබව රිද්දන්න මම හිතුවෙ නෑ... ඒත්...."

"Hahaha.... මේ මොකෝ බං මේ..... ඒ... ඒක අවුලක් නෑ.... උබට පිස්සුද.... උබ දන්නව නෙ මගෙ හිත ගැන... අද එකක් හෙට එකක්.... always fooling around නෙ ඉතින්.... crush රට වටේ... උබ නොදන්නවැයි.... මට ගානක් නෑ.... ඒත් බං.... එදා මම උබත් එක්ක Tee ට කැමතියි කියද්දි... උබට පට්ටෙටම රිදෙන්නැති නේද.... sorry බං...."

"උබට ඇත්තටම අවුලක් නැද්ද" Dia ඇහුවෙ වද වෙන ඇස් දෙකක් එක්ක.

"සුට්ටක් අවුල් තමා... ඒත් මට පේනවනෙ උබල දෙන්නා කොච්චර ආදරෙන්ද ඉන්නෙ කියල... උබට මේ ‍ටිකටවත් Teeගෙ ඉනෙන් අල්ලන්නැතුව ඉන්න බෑ නෙ..."

එතකොට තමයි Dia ටත් තේරුනේ එයා Teeව බදා ගෙන හිටියෙ කියල.
ලැජ්ජාවෙන් අත ගත්ත Dia ඔලුව අල්ලන් අහින්සක විදිහට හිනා උනා.

"හරි... හරී... උබට මං ගැන ඔච්චරටම දුක නම් සතියක් මට කන්න අරන් දියම්.... ආ... Tee.... මං ගැන වද වෙන්නෙපා... මම උබල දෙන්නට බොක්කෙන්ම සුභ පතනව.... Dia මොනා හරි කිව්වොත් මට කියන්න. මම මේකිගෙ කන ගලවන්නම්..."

"Hahahaha...."

තුන් දෙනාම හිනා වෙන්න ගත්තෙ ලොකුවට පටන් ගන්න තිබ්බ ප්‍රශ්නයක් dew වගේ හොද කොල්ලෙක් නිසා පටන් ගන්නත් කලින් ඉවර වෙච්ච හැටි ගැන පුදුමාකාර සතුටකින්.

"බං... අපි දෙන්නම කෙල්ලොනෙ... ඒක... උබට...."
Dia එක පාරටම serious කතා කරන්න ගත්තා.

"මට ඒක ප්‍රශ්නයක් නැද්ද කියලද අහන්නෙ.... අනේ බං... මොනා උනත් උබ මගෙ හොදම යාලුවා... උබ කාට කැමති වෙනවද කියන එකෙන් ඒක වෙනස් වෙන්නෑ.... ඒ වගේම උබේ කෙල්ල කියන්නෙ මගෙත් යාලුවෙක් තමා ඉතින්... sooo සමාජෙ කියන දේවල් හිතන්නෙපා බං... සතුටෙන් ඉදපම්.... මම ඉන්නව උබල එක්ක....
ආ.... මේ.... හැබැයි මට කන්න අරන් දියම්.... hahahaa...."

"Thanks... dew..."

Dia, dew ලගට ගිහින් ටිකක් වෙලා බලන් හිටියා...

" මොකද..."

"...."

එක පාරටම dew ගෙ කරට අත දාපු Dia කෑ ගැහුවා....

" dew... you really are my best friend...."

"Hahahaha...."

තුන් දෙනාම හයියෙන් හිනා වෙවී පන්තියට ගියෙ තමන්ව හොදටම තේරුම් ගත්ත යාලුවෙක් තාමත් තමතම න් ලග ඉන්නව කියල දැන ගත්ත සතුටත් එක්ක....

නැවත හමුවන තුරාWhere stories live. Discover now