02.new beginning

151 28 6
                                    

කිසිම දෙයක් හිතා ගන්න බැරුවම තමන්ගෙ ගෙදරට Teeව එක්කන් ආව Dia, Teeට ඉදගන්න කියල kitchen එකට ගියෙ තමන්වම සන්සුන් කර ගන්නත් හිතා ගෙන.

Tap එකෙන් මූන හෝදද්දිම Diaට එයාගෙ ඉන ලගින් පොඩි රස්නයක් දැනෙන්න ගත්ත නිසා එයාගෙ heartbeat එකත් එක පාරටම වැඩි වෙන්න ගත්තා.
ඒත් එක්කම පුදුම වෙච්ච Dia ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන හිටියා...

"T..t....tee...Teesha... මො..මොනාද ඔයා මේ... කරන්...."

"Dia... මට දෙයක් කියන්න තියනව... please අහගෙන ඉන්න.... මට ඇහුනා ඔයා dew එක්ක කතා කරපු දේවල්.... මම කවදාවත් මෙහෙම කරන්න හිටියෙ නෑ... ඒ... ඒත් Dia මට තවත් ඉවසන්න බෑ... මේ මුලු අවුරුද්ද පුරාවට මම ඔයාට ආදරේ කලා... ඔයාට විතරක් ම....

"...."

"....Dia... මම දන්නව ඔයා මට ආදරේ කරන එකක් නෑ.... ඒ වගේම ඔයා අදින් පස්සෙ මාව යාලුවෙක් කියලවත් හිතන්නැති වෙයි. ඔයා මාව disgust කරයි... ඒත් ... ඒත් Dia මට ඔයාට ඒක කියන්න ඕනෙ උනා....
Dia ඔයා ඒ වෙලාවෙ මාව dewට ගැලපෙනව කියද්දි මට ඒ දුක තවත් ඉවසගන්න බැරි උනා Dia....
ම...මම... දන්නව අපි දෙන්නව ගැලපෙන්නෑ කියල... ඒ... ඒත්.. Please අපිට යාලුවො වගේවත් ඉන්න බැරිද.... අඩුම තරමෙ....?"

කිසිම තේරුමක් නැතුව තමන්ගෙ හිතට දැනෙන හැමදේම කදුලු පිරිච්ච ඇස් වලින් Tee කියන් ගියෙ Diaව පිටිපස්සෙන් ඇවිත් hug කරන් ඉන්න ගමන්මයි...
පොඩ්ඩ පොඩ්ඩ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්ත Diaට තවත් කතා නොකර ඉන්න බැරි උනේ Teeගෙ ඉකි ගහන සද්දෙ ඇහෙන්න ගත්ත නිසා.

"ශ්...ශ්...Tee...ඔයා...Tee..."
"...."

තමන්ට පුලුවන් උපරිම වේගෙන් ආපහු හැරුනු Dia, Teeවත් ආපස්සට බදා ගත්තා...

"ඔ...ඔයා...ට... විශ්වාස ද?..."

තමන් මෙච්චර කල් ආදරේ කරපු කෙනාම තමන්ට ආදරේ කරනව කියන එක විශ්වාස කර ගන්න බැරුව කදුලු පිරිච්ච ඇස් වලින් Dia ආයෙ ආයෙත් Teeshaගෙන් ඇහුවා.

"ඔව්...ඔව්ව්..."

ඒත්... ඒත් Tee ඔයාට... පුලුවන් නෙ ලස්සන ජීවිතයක් ගත කරන්න කොල්ලෙක් එක්ක.... dew හරි කවුරු හරි කමක් නෑ.... ඒත් Teeඔයාට ගොඩක් දේවල් නැති වෙයි මේක නිසා.... ඔයාට විශ්වාසද ඔයාට මේකයි ඕනෙ කියල... you will regret it later..... අපී... අපි මේ හැමදේම නොවුනු ගානට ඔයාට දුක් විදින්න වෙන එක......"

"Dia.... please.... මම දන්නව මම කිව්ව දේ... ඒ වගේම මට තේරෙනව මම කරන දේ.... ඒ කෙනා dew උනත් වෙන කෙනෙක් උනත් මට වැඩක් නෑ ඒ ඔයා නෙවෙයි නම්.... මට ඕන උනෙ ඔයාට මගෙ හැගීම් කියන්න විතරයි...
මාව තේරෙනව වගේ හැසිරෙන්න එපා Dia ඔයාට මාව තේරුම් ගන්න බැරි නම්....
Please.... දැන් ඇති.. මම යන්නම් Dia දැන්...ඔයාගෙ ගෙදර අයත් එයි දැන්...."

"..."

"ඔයාට ආදරේ කරන්න තියා ඔයාට ලන් වෙන්න තරම්වත් අපි යාලුවො නෙවෙයි නෙ මුල ඉදලම."

පුලුවන් තරම් දුකක් හිතේ තියන් පුංචි හිනාවක් එක්ක Diaව අතෑරලා එතනින් Teeයන්න හදද්දිම Dia, Teeව ආපහු එයා ලගටම ඇදලා ගත්තා.

"Sorry... sorry tee.... sorry.... මම ආයෙත් එහෙම කියන්නෑ ඔයාට..."

ඒ කදුලු අතරින්ම Teeගෙ රෝස පාට කම්මුල් කම්මුල් දෙක තමන්ගෙ මහපට ඇගිල්ලෙන් හිමින් සීරුව අල්ලපු Dia, Teeගෙ නලල kiss කරලා තවත් තත්පරයක් Teeගෙ ඇස් දිහා බලන් හිටියා.
ඊලග තප්පරේදි Teeshaගෙ ඔලුව එයාගෙ උරහිස උඩ තියා ගත්ත Dia ටිකෙන් ටික පරෙස්සමෙන් Tee ගෙ ඔලුව එයාගෙ ඇගිලි වලින් අත ගාන ගමන් හෙමින්සැරේ වචනෙන් වචනෙ Teeට කිව්වෙ හරිම ආදරෙන්,

"ඔයාමයි මේ තීරණේ ගත්තෙ... ඔයාට බෑ අපහු පස්සට යන්න. මාව දාල යන්නත් බෑ මැණික❤"

ඒ අහින්සක හිස පිරිමැදීම අස්සෙන් පුංචි හිනාවක් එක්ක ඔලුව හොලවපු Teeshaත් ආපස්සට Diaව බදා ගත්තෙ කදුලු අස්සෙන්ම් තමන්ගෙ ලස්සන කතාව පටන් ගන්න හිතාගෙන.

නැවත හමුවන තුරාWhere stories live. Discover now