කුක්-"ආයිශ් හරි හරි හියොන්ග්.. මම බලන්නම්.. පව් මගේ කෙල්ල..😒"

ටේටේ-"අනේ මේ පොඩි එකාට ගිය කල.. හුම් .. පල පල ඉතින් මෙතන මට රව රව ඉන්නේ..😒😒"

කුක්-"මට මගේ ජීවිතේ ගැන සාධාරණ දුකක් දැනෙනවා හියොන්ග්.. කමල් ලෑ. මම බලන්නම්කෝ🥲🥲" ජන්කුක් කුටු කුටු ගගා සොන්හිගේ කාමරේ පැත්තට යද්දි නම්ජුන් කතාව පටන් ගත්තේ හෙන සීරියස් මූඩ් එකකින්..

ජූන්-"ජිමිනා අහපන්කෝ.. හරියටම ඇත්ත දැන් හැම කෙනාම දන්නවනේ.. මෙච්චර කාලයක් ගිහිනුත් අපිට දම්වැලේ ඔය පුරුක් ටික හරියට එකතු කර ගන්න බැරි වුණා.. දැන් මේ වුණ හැම දේමත් දන්න එකේ මේ වැඩේ ඉක්මණට ඉවරයක් කරලා දාන්න බලමු..."

ජිමින්-"හ්ම්ම්ම්.." නම්ජුන් කියපු එකට එකග වුණත් ජිමින් එච්චර හොදින් නෙමෙයි ඒ වෙලේ හිටියේ.. වෙනදා හැම ප්ලෑන් එකක්ම පැහැදිලි කරන්නේ ජිමින් වුනාට දෙව්ගේ උරහිසේ ඔලුව තියන් හිටපු කොල්ලා අද එච්චර හොදින් නෙමෙ හිටියේ..

ජූන්-"හරිනේ එහෙනම්.. හෙට 11ට කට්ටියම එන්න.. අපි final plan එක හෙට හදමු.. ජීවිතේ විදින්න ඕනේ කාලේ විනාශ කරගන්න බෑ තවත් නම්.. මේ හැම දේම ඉක්මණට ඉවර කරලා දාන්න ඕනි දේවල්.."

එහෙම කියලා නැගිටපු නම්ජුන් කාමරේට ගියේ අනිත් අයත් විසිරිලා යද්දි.. එතන හිටපු දෙව්වත් එක්කන් ජිමින් ගාර්ඩ්න් එකට ගියේ දෙව් එක්ක කතා කරන්න ගොඩක් දේවල් කොල්ලා ලග තිබුණ නිසා..

At garden

ලස්සනට හදලා තිබුණ චූටි පොන්ඩ් එක ඉස්සරහ තිබුණ බෙන්ච් එක උඩ දෙව්ව වාඩි කරවලා ජිමින් කෙල්ලගේ ලැප් එක උඩ ඔලුව තියා ගත්තේ ඉබේටම දෙව්ගේ චූටි ඇගිලි කොල්ලගේ කෙස් අතර රටා මවද්දි.. ඒ දැනෙන සනීපෙට කොල්ලට චූටි නිදි මතකුත් ආවත් කොල්ලා තිබ්බ නිහඩ බව බිදලා කතාවකට මුල පිරුවා..

ජිමින්-"දෙව්.."

දෙව්-"හ්ම්ම්?"

ජිමින්-"ඔයාට සතුටුයිද මැණික.. "

දෙව්-"ඔව්.. ගොඩක් සතුටුයි.. ඒ වගේම දුකයි.. මම හිතුවේ නෑ මගේ ජීවිතේ මෙච්චර ලොකු ප්‍රහේලිකාවක් කියලා.. "

Red Wine🍷🍷🥀 / PJM /CompletedWhere stories live. Discover now