Part 5

73 19 17
                                    

Author's pov

"මාලේ මං එයාට දුන්න මාලේ.මාත් එක්ක යන් මං දන්නවා එයාව හොයා ගන්න විදිය."

පිස්සුවෙන් වගේ කියවපු කෙල්ල දුවන් ගියෙ එයාගෙ කාමරේ ඇතුලට.කාමරේ ඇතුලට ගිහින් ඒ කාමරේ බිත්තියෙ තිබුන photo එකක් ඇල කරපු කෙල්ලට සිහියක් නම් තිබ්බෙ නෑ එතන තව තුන්දෙනෙක්ම ඉන්නවා කියලා.කෙල්ල කවදාවත් මොනම දේවකට වත් මෙච්චර කලබල වෙලා නෑ.හැබැයි දැන්? මේ දේවල් ඇත්තටම පෙන්නන්නෙ බැදීමක් හදාගෙන ලස්සන මතකත් එක්ක ජීවත් වෙන අය නැති වෙද්දි මනසකට ඒක දැනෙන විදිය.අර photo එක ඇල කරපු ගමන් ඇරුන දොර අස්සට ගිහින් ලැප් එක ඔන් කරපු සොන්හි ඉක් ඉක්මණට මොන මොනාදෝ ටයිප් කරන් ගියා.

කෙල්ල හැකින් වලටත් මාර වැඩ්ඩෙක් කියලා එදා තමයි දෙව් දැන ගත්තෙ.ඒ වලාවේ මේ දිහා බලාන එක්කෙනෙක් ඇරෙන්න අනිත් දෙන්නම පුදුමෙන් පුදුම වෙලයි හිටියෙ.එකක් තමා දෙව්ට කෙල්ලේ මේ දේවල් ගැන කවදාවත් කියලා තිබ්බෙ නෑ.අනික තමා ජන්කුක් පලවෙනි වතාවටයි දැක්කෙ සුගා හියොන්ග්ටත් වඩා වේගවත් හැකර් කෙනෙක්.ඒකත් කෙල්ලෙක්.විනාඩියක් යන්නත් කලින් සෝ හෙවත් ජූ කෑගැහුවේ මුලු ගේම දෙදරලා යන්න.

"යායාහ් නූරා...........එයා මොකද්ද seoul city club එකේ VIP room එකක් අස්සෙ කරන්නෙ.ඒ මදිවට ඒකෙ අස්සෙ අර ෆිල්ප් කාරයත් ඉන්නවා."ඉක්මණට ලැප් එක වහලා දාලා.තේගෙ කොලර් එකෙන් අල්ලලා
"මොනාද තවත් බලන් ඉන්නෙ.ඒ කෙල්ලගේ ජීවිතේ විනාශ වෙන්න කලින් යනවා මනුස්සයෝ.room නම්බර් 48.ඉක්මණට"

කියලා කෑගහලා කට්ටියවම room එකෙන් එලියට දාලා කෙල්ල කාමරේ දොරත් ලොක් කරලා,දාන් හිටපු ලෙදර් jacket එකත් දාන් දෙව්ට කෑ ගැහුවේ ඉක්මණට ඇදුමක් දාගන්න කියලා.ඉක්මණට අතට අහු වෙච්ච ගවුමත් දාන් දෙන්නා ක' එකේ club එකට යන්න පිටත් වුණා.හැබැයි ඒ වෙන කොටත් ජන්කුක් වගේම තේහනුත් ගිහින් ඉවරයි.කෙල්ල මාලේ track කරලා කියනවත් එක්කම වගේ ජන්කුක් දුවන් ආවේ.මොකද මෙච්චර දෙයක් වෙයි කියලා එයා කීයටවත් බලාපොරොත්තු නොවෙන්න ඇති.

නැත්තම් මීටත් කලින් කොල්ලා කෙල්ලව හොයා ගෙන.කා' එකේ speed එක උපරිමේට කරලා drive කරන කෙල්ල දිහාත් පාර දිහාත් මාරුවෙන් මාරුවට දෙව් බලන්නෙ හිතේ කැරකෙන ප්‍රශ්න කෝටියත් එක්ක.කෙල්ලට ඒ දෙවලට උත්තර අහන්න ඕනි වුනත් කට වහන් හිටියේ මේ වෙලාව ඒකට හරි යන් නැති නිසා.
"ශිට් ඔය ෆිලිප්කාරයා.මට කලින්ම ඉවරක් කරන්න තිබ්බෙ.නූරට මොනා හරි වෙලා තිබ්බොත් නම් මං කෙස් ගහෙන් ගහට ගලවලා ඕකව මරන්නෙ"

Red Wine🍷🍷🥀 / PJM /CompletedTempat cerita menjadi hidup. Temukan sekarang