කඳුළැලි - 58

1K 156 20
                                    

මෙහන්සාගේ කැරලි ගැසුණු හිසකෙස් අවුල්ව ගොස් තිබුණු අතර ඇගේ ගත දහදියෙන් නැහැවී ගොස් තිබිණි.

'නැගිටින්න පුළුවන්ද?' මම ඇගෙන් විමසූ විට ඇය මගේ උරයට බරදී නැගිට ගන්නට උත්සාහා කළාය.

'පුළුවන්..' ඇය ⁣මැතිරුවද මම මගේ මුළු ශක්තියම යොදා ඇයව ඔසවාගෙන ගොස් ඇගේ ඇඳ මතින් තැබුවෙමි.

'ලේ..' ඇය මට මොහොතකට පසුව සිහි කළේය.

'මම හොට් වෝටර් එක ඔන් කරලා එන්නම්.' මම සිනාසී පැවසූ විට මෙහන්සා ඇයට පොරවා තිබූ රෙද්දත් සමගින් ඇඳ මත ගුලි වූවාය.

මම උණු වතුර කරාමය පණ ගන්වා පැමිණෙන විනාඩි කිහිපයට මෙහන්සා සිටියේ නින්දට වැටීය. මට එයින් දැනුණේ සැනසීමකි. දැන් මට අවැසි ආකාරයට තාත්තා සමගින් වාද කිරීමට මට හැකිවන බව මම දැනගතිමි.

මම මෙහන්සාගේ කාමරයේ දොර වසා නැවතත් සෙමෙන් පහළ මාලයට බැස ආවෙමි. තාත්තා හා ඔහුගේ පෙම්වතා යන දෙදෙනාම සාලයේ සෝෆාවේ හිඳගෙන රූපවාහිනිය නරඹමින් සිටියේ කිසිවක් සිදු නොවූ ආකාරයෙනි. මම මගේ අත් මිටි මොළවාගෙන සටනට සූදානම් වුණෙමි. එක්වරම ගොසින් පහර දෙනවාද, නැතිනම් මුලින්ම වාද කරනවාද යන්න කල්පනා කරමින් තප්පර දෙකක් පමණ මම ගත කළත් මෙහන්සාගේ සිරුරේ තැවරී තිබූ රුධිර ප්‍රමාණය සිහි වූ විට මට ඒ පිළිබඳ කල්පනා කරන්නට තරම් කාලයක් මා සතු නොවූ බව සිහි විය.

'තාත්තේ!' මම එක්වරම ඔහුට කඩා පැන්නෙමි.

මම කිසිවක් කිරීමටත් පෙර ඔහු මගේ ගෙලෙන් අල්ලා මා පසුපසට තල්ලු කර දැමුවේය. 'තමුසේ දැන් පිස්සු බල්ලෙක් වගේ කඩා පනින්න හදන්නේ මොකද මිනිරු?' 

'මට කියන්න ඇයි ඔයා නංගිට ගැහුවේ! එයා නිදාගෙන හිටියේ!' මම හුස්ම අල්ලා ගන්නට දඟලමින් කෑ ගැසුවෙමි.

තාත්තා කට කොණකින් සිනාසී මගේ සිරුර පසෙකට තල්ලු කර දැමුවේය. සාලයේ සෝෆාවේ වැදුණු මම බිමට ඇද වැටුණෙමි. මගේ කොන්ද තදින් පුටුවේ වැදීම හේතුවෙන් මට මද වේලාවක් හුස්ම ගැනීමට පවා නොහැකි සේයක් දැනුණි. මම බිම ගුලිවී තදින් හුස්ම ගන්නට උත්සාහා කරද්දී තාත්තා ඔහුගේ පෙම්වතා සමගින් එතැනින් නැගිට‌ මට නොපෙනෙන තෙක් මානයකට ‌ගියේය. මෙහන්සා තවමත් කිසිවක් නොදැන නිදාගෙන සිටින බව මට කල්පනා වූයෙන් මම බිම හිඳගෙනම හඬන්නට වූයෙමි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now