කඳුළැලි - 45

502 168 84
                                    

මගේ සිරුර ඇදුම් කමින් තිබිණි. තාත්තාගේ දෑත් මගේ සිරුර පුරා ඇදී යද්දී මම අපහසුවෙන් දැඟලීමට වුණෙමි. මගේ මුළු සිරුරම දහදියෙන් නැහැවී ගොස් තිබූ අතර මම සිටින්නේ නග්නව යන්න සිහිවීමෙන් මගේ දැඟලීම තවත් වැඩි විය. තාත්තාට එහා පසින් සිටගෙන සිටියේ තරමක් උස මහත තරුණයෙකි. ඔහු ‌මා අසලට ළං වද්දී මට පැහැදිළි වූයේ ඒ මගේ වැඩිමහල් සහෝදරයා මිනිඳු බවයි. ඔවුන් දෙදෙනාගේම දෑත් වලට යටව සිටි මම මහත් හඬින් හඬන්නට වූවත් ඔවුන්ට ඒ පිළිබඳ වගක් නොතිබිණි. තාත්තාගේ ඇඟිල්ලක් මගේ සිරුර තුළට ඇතුළු වද්දී මම විලාප දුන්නෙමි.

ඒ විලාපයත් සමගින් මම අවදිව ඇඳ මත හිඳගත්තෙමි. මම දුටු සිහිනයේ වේදනාව මගේ සිරුර පුරා ඇවිලී යන්නාක් මෙන් මට දැනුණු අතර එය කවදා හෝ දිනෙක මට සැබැවින්ම සිදු වූවක් බව මට විශ්වාස විය. මගේ සිතේ තිබූ නොසන්සුන් බව හා අපහැදිළි බව දරාගත නොහැකිව මම වියරුවෙන් මෙන් ඇඳෙන් බිමට බැස ගත්තෙමි. මගේ කාමරයේ දොර විවර කළ විගස මට මුහුණලා සිටියේ ‌යෙහෙනිය.

'ඇයි කෑ ගැහුවේ-' ඇය විමසද්දී මම ඇගේ හිස දෑතින්ම අල්ලා මගේ මුහුණට තද කරගත්තෙමි. යෙහෙනි අඩපණව මගේ දෑත් අතරට ඇදී එද්දී මම ඇයව බිත්තියට තද කොට සිපගන්නට වූයෙමි. ඇගෙන් වහනය වූ ශනල්කගේ සුවඳ මට දරාගත නොහැකි විය. ඇගේ දෙතොල් සපා කමින් මම ඇගේ හිස තව තවත් බිත්තියට තද කළෙමි. යෙහෙනි මගේ සිරුරට තැලී බිත්තියට තදව සිටියාය. ඇගේ දෑත් අප්‍රාණික ලෙස මගේ සිරුර ඇගේ සිරුරෙන් ඉවත් කරන්නට තැත් කළද එය අසාර්ථක වෑයමක් කරමින් මම ඇගේ දෑත් ඔසවා බිත්තියට තද කළෙමි. යෙහෙනි දැඟලීමට වූවාය. ඇය ඇගේ දෙපා වලින් මට පහර දීමට තැත් කරද්දී මම ඇගේ කමිසයට යටින් අත දමා ඇගේ ඉණ ප්‍රදේශය තදින් මිරිකුවෙමි. ‌

මදකට හුස්ම ගැනීමට ඇගේ සිරුරින් ඉවත් වූ විගස ඇගේ හිස මගේ උරයට කඩා වැටිණි. ඇය යමක් හඬමින් පැවසුවද මට එය පැහැදිළි නොවිණි. මම ඇයගේ ගෙල මිරිකා බිත්තියට තදකොට නිරාවරණය වී තිබූ ඇගේ ළැම පෙදෙස සපා කෑවෙමි. යෙහෙනි මරු විකලෙන් මෙන් මගේ දෙවුර මිරිකා විලාප තැබුවාය. ඇයට අවුරුදු දහසයේදි කළ සැත්කමෙන් අහිමි වූ වම් පියවුරට උඩින් උර ඇටය අසලට මගේ මුව තැබූ මම ඇගේ සම විකා දැමුවෙමි. පිරිසිදුවට නිකැළැල්ව තිබූ ඇගේ ගෙල පෙදෙස දකිද්දී මට ඇති වූයේ දරාගත නොහැකි කෝපයකි. ඇය නිකැළැල්ව සිටියදී මා හට පමණක් කැළැල් තිබීම අසාධාරණ යැයි මට හැඟිණි. ක්‍රමයෙන් මගේ මුව ඉහළට ගෙන ආ මම ඇගේ ගෙල සිත්සේ සපා කමින් කැළැල් ඇති කරන්නට වූයෙමි. මදකට සපා කෑම නවතා දැමූ මම ඇගේ මුහුණ දෙස බැලූ විට ඇය කඳුළු පිරි දෑසින් මා දෙස බැලුවාය. ඇගේ දෑස්වල තිබූ ආයාචනාත්මක බැල්ම දුටු මට සිහි වූයේ මෙහන්සා කඳුළු පිරි දෑසින් මා දෙස බලා සිටි ආකාරයයි. යෙහෙනිගේ තොල් වලින් යමක් පිටවූවද මට එයට වැටහුණේ නැත. මම ඇගේ මුහුණ දෙස හිස් බැල්මකින් යුතුව බලා සිටියෙමි. ඇගේ දෑස්වලින් ශනල්කව දැකීමට මට අපහසු වූයේ නැත. ශනල්කගේ දෙකොපුල් සපා කෑමට මට ඇති වූ ආශාව නැවත වතාවක් දැනෙද්දී මම යෙහෙනිගේ දෙකොපුල් සපා කෑවෙමි. ඇගේ මුහුණ පුරා රතු පැහැ පැල්ලම් ඇති වද්දී මට දැනුණේ අමුතු ආකාරයක සැනසීමකි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now