එම සිදුවීම සිදු වී දින කිහිපයකට පසුව මගේ දුරකථනයට කෙටි පණිවිඩයක් පැමිණෙන හඬින් මම ඇඳෙන් නැගිට දුරකථනය අතට ගෙන බැලුවෙමි.
'මම ඔයාගේ අයියා. ඔයා කවදාවත් නොදැකපු ඔයාගේ වයසේ ඉන්න සහෝදරයා. මාව හම්බවෙන්න ඕන නම් අද හවස දෙකට ඔයාගේ ඉස්කෝලේ ගාව තියෙන ගුවන් පාලමට එන්න. එතන දකුණු කෙළවරේ රතු පාට හූඩි එකක් ඇඳගෙන මම ඉන්නම්.'
මම මදක් වික්ෂිප්තව දුරකථනය දෙස බලා සිටියෙමි. එය මම කිසිදා බලාපොරොත්තු නොවූ පණිවිඩයක් විය. මම ඇඳ මතින් නැගිට ශනල්ක සිටීදැයි බැලීමට කාමරය පුරාවට ඇස් යැවීමි. මම ඇඳ මත වැතිරී සිටි වේලාවේ ඔහු කොහේ හෝ අතුරුදහන්ව ගොස් සිටි නිසා මම නැවතත් ඇඳ මතින් වැතිරුණේ දුරකථන තිරයේ දිස් වූ කෙටි පණිවිඩය දෙස බලාගෙනයි.
මම එයට ප්රතිචාර ලෙස පණිවිඩයක් යැවීමට තැත් කළත් මට දුරකථන තිරයේ වැටුණේ එම අංකය මාව අවහිර කොට ඇති බවයි. මම දිගු හුස්මක් මුවට පුරවාගෙන ඇඳේ වැතිරුණෙමි. මට සහෝදරයෙකු සිටින බව දන්නේ මාත් මගේ පවුලේ අයත් පමණකි. මෙතරම් කල් එකට සිටි ශනල්කට පවා මම ඒ පිළිබඳ කීමට පැකිළුණේ ඔහු කුමක් සිතාවිද යන සිතිවිල්ල කැටි කොට ගෙනයි.
ඔරලෝසුවේ වේලාව සටහන් වී තිබුණේ තුනයි තිස් පහ ලෙසය. පාසල අසලට යෑමට නම් නිවසින් හතරයි තිහටවත් පිටවී යා යුතුය. යනවාද නැද්ද යන තීරණ දෙක මැද අතරමංව සිටි මම ඇඳ මත පෙරළෙමින් කෙටි බරැති සුසුම් හෙළන්නට වුණෙමි.
'මිරූ?' ඒ ශනල්කගේ හඬයි. මම හිස ඔසවා නොබැලුවද ඔහු මගේ එහා පසින් වැතිරුණේය. 'මොකක් හරි ප්රශ්නයක්ද බබා?'
'හ්ම්ම්?' මම ප්රශ්නාර්ථයක හඬින් කී විට ඔහු ඔහුගේ ඇඟිලි මගේ කෙස් අතරින් යැවීය.
'ප්රශ්නයක් නම් කියන්න. ඔයාට මම ඉන්නවනේ කවුරු නැතත්...'
මම ඇඳ රෙදි අතරම මුහුණ සඟවා ගනිමින් සිටියේ සිදුවීමට යන කිසිවක් ඔහුට කීමට මට හැකියාවක් නොතිබූ බැවිනි. ශනල්ක දිගින් දිගටම මගේ හිසකෙස් අතර ඇඟිලි යවමින් මගේ හිස මෘදු ලෙස තෙරපන්නට වූ විට මම මගේ උඩුකය ඔසවා ඔහුගේ උකුල මතින් තබා ගත්තෙමි.

YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...