05 ❤

410 42 14
                                    

-" මම දැන් ඔයාට සමාවගන්න කිව්වද ම්ම්ම්..."

-" න්..නෑ..."
ජිවූ පුදුම වෙලා වගේ කිව්වේ ජන්ග්කුක් හැසිරීම ටිකක් අමුතු වෙච්ච නිසා...

කෙල්ල කිව්ව එකට කිසිම උත්තරයක් දෙන්නැතුව ජන්ග්කුක් කලේ එයාගේ මත් වෙච්ච ඇස් වලින් කෙල්ලගේ අහින්සක ඇස් දිහා බලාගෙන හිටපු එක...

ජන්ග්කුක්ගේ මේ ස්පර්ශය, බැල්ම කෙල්ලට අමුතුයි...හැගීම් ගොන්නකින් හිත පිරිලා යද්දි කෙල්ල කලෙත් ජන්ග්කුක්ගේ ඒ බෝල දිලිසෙන ඇස් දිහා බලන් හිටපු එක...එහෙම්ම කෙල්ලගේ මූනේම ඇස් ගෙනියපු ජන්ග්කුක්ගේ ඒ දිලිසෙන ලාවට අඩවන් වෙච්ච ඇස් නතර වුනේ ජිවූගේ චූටි ලස්සන තොල් පෙතිවල...

එහෙම්ම ජිවූගේ තොල් වලට ජන්ග්කුක් පහත් වුනේ ජිවූ එයාගේ ඇස් තදින් පියාගන්නකොට...ඒත් ඒ තත්පරේම කට කොනින් හිනා වුනු ජන්ග්කුක් ජිවූව තල්ලු කලේ ජිවූට එකපාරට වෙච්ච දේ හිතාගන්න බැරිවෙනකොට...

-" ආව්..."
බිමට වැටිච්ච පාර ජිවූගේ නළල ගිහින් බිම වැදුනේ කෙල්ලට සිහින් කෙදිරියක් කටෙන් පිටවෙනකොට...ඒ තත්පරේට කෙල්ලගේ ඇස් වලට කදුලු ආවේ ඔලුව වැදිච්ච පාර ඇතු වුනු වේදනාවට...
එහෙම්ම ජිවූ ජන්ග්කුක් දිහා බැලුවේ ජිවූගේ කදුලු පිරිච්ච අහින්සක ඇස් දෙකෙන්...

-" මොකද!!! තමුන් හිතුවද මන් තමුන්ව Kiss කරයි කියලා ආ..."
ජන්ග්කුක් අහද්දි ජිවූ කලේ ඇහෙන් පයින්න යන කදුලු නවත්තගෙන ජන්ග්කුක් දිහා බලන් ඉදපු එක විතරයි...

-" මන් හිතුවා හරි..තමුනුත් වෙන එවුන් වගේම තමා..මගේ සල්ලි වලටයි,රූපෙටයි පිස්සු වැටිච්ච එකියක් විතරයි..."
ජන්ග්කුක් හිනා වෙන ගමන් කිව්වේ ජිවූ ඇස් වල හිර කරන් හිටපු කදුලු ඇස් වලින් එක දිගට වැටෙනකොට...

-" තමන් ගැන ඔච්චර ලොකුවට හිතන්න එපා ජෝන් ජන්ග්කුක්!!!"

කෙල්ල හීන් හිනාවකින් කතා කලේ ඒ රෝස පාට කම්මුල් වලින් එක දිගට කදුලු බේරෙනකොට...

-" ඔව් මං ඔයාව Marry කරන්න ඔයාගේ සල්ලිත් එක හේතුවක් තමා...මන් අසරනයි මට වෙන කරන්න දෙයක් නෑ...මගේ ඔම්මා Hospital එකේ මැශින් ගොඩාක් ලග පන අදිනවා...ම..මට එක බලන් ඉන්නද කියන්නේ...ඔයාට ඒක තෙරෙන්නෑ ජන්ග්කුක් සර්!!! ඒ වේදනාව ඔයා දන්නෑ...මගේ ඔම්මව බේරගන්න විදිහක් මට නෑ...මට මගේ ඔම්මව ආයි ඕනේ...ඉස්සර වගේ ඔම්මා එක්ක ඉන්න ඕනේ...එයාගේ අතින් හදන කෑම මට කන්න ඔනී...මට පාලුයි...කවුරුත් නැතුව මන් තනිවෙලා...ඔයා ඒ වේදනාව දන්නෑ...අප්පත් මාව දලා ගියා මට ඉන්නේ මගේ ඔම්මා විතරයි ජන්ග්කුක් සර්..."

My_Euphoria [Ongoing]Donde viven las historias. Descúbrelo ahora