04 ❤️

266 44 9
                                    

ලොකුම ලොකු ලස්සන සුදු ගවුමක් ඇදගෙන කෙල්ල එයාගේ රූපේ දිහාම කිසි හැගීමක් නැතුව බලන් හිටියා...

-" අප්පා මන් මේ කරන දේ හරිද අප්පා..."

තමන්ටම කියගත්තු කෙල්ල බැලුවේ එයාගේ phone එකේ Wallpaper එකේ ඉන්න බෝරා දිහා...

-" මන් ඒ චුටි කෙල්ලට ගොඩාක් ආදරෙයි අප්පා...මට..මට දැන් මන් ඔම්මා කෙනෙක් වගේ දැනෙනවා...අපේ ඔම්මත් මාව මේ තැනට ඔයා නැතුව තනියෙන් ගෙන්න ඔම්මා ගොඩාක් මහන්සි වුනා නේද අප්පා...ඉතින් මට ඔම්මා වෙනුවෙන් මේක කරන්න ඕන නේද?...අනේ අප්පා මට කියන්නකෝ...ඔයාගේ ජිවූට ඇවිල්ලා කියන්නකෝ...මන් අසරන වෙලා වගේ දැනෙනවා අප්පා...ජන්ග්කුක් සර් ඉන්නේ මාත් එක්ක ලොකු තරහකින් මන් දන්නෑ ඇයි කියලා මට එයාව දැක්කහම බය හිතෙනවා..."

තමන්ගේ ඇස් වලින් වැටෙන කදුලු පිහිද පිහිද කෙල්ල නොනවත්වාම ඇඩුවා...
කෙල්ලට දුකයි කෙල්ල හොයන්නේ ආදරේ...කෙල්ලට ඕනේ ලස්සන ජීවිතයක් ඒත් ඒක නැති වෙනවා... ඒත් කෙල්ල හිතුවා බෝරා එයාට ඒ ලස්සන ජිවීතේ ගෙනල්ලා දෙයි කියලා...ඒත් එක්කම කෙල්ලට මතක් වුනේ ජන්ග්කුක් ජිවූට ජන්ග්කුක්ගේ ගෙදර ආපු දවසක කියපු දේ...

FLASHBACK,

At Jungkook's home

-" අනේ බෝරා ඔන්න බලාගෙන හිමින් දුවන්න වැටෙයි..."

-" හූ..හූ ඔම්මත මාව අල්ලන්න බෑ..."

-" බෝරා..."

-" කෑ ගැහුවත වැඩක් නෑ..ඔම්මා පලාදයි...ඔම්මා පලාදයි..."

වචන පටලෝ පටලෝ කෑ ගගහා උඩ පනින බෝරා දිහා බලාගෙන ජිවූත් හිනා වුනේ හති ඇර ඇර...බෝරාට පුලුවන් වුනත් ජීවුට මහන්සි වෙන්න බෑ...කෙල්ල බයයි මහන්සි වෙන්න...කෙල්ල කැමති නෑ ආයි ආයි ඒ වේදනාව විදින්න...ඒකට කෙල්ලට ලොකු හේතුවක් තිබුණා...

එහෙම්ම මහන්සියට එතන බෙන්ච් එකෙන් ඉදගත්තු කෙල්ල බෝරාට අත් දික්කලේ ලගට එන්න කියල...කෙල්ල අත් දික්කරන පමාවට පුංචි බෝරා දුවගෙන ඇවිල්ලා බෙන්ච් එකේ ජිවූ ලගින් වාඩිවුනේ දත් ඔක්කොම පෙන්නලා හිනා වෙන ගමන්...

-" මගේ කෙල්ල දක්ශයිනේ..."
ජිවූ බෝරාගේ ඔලුව අතගාන ගමන් කිව්වේ හරිම ආදරෙන් ජිවූගේ ඇස් වල බෝරාට තියන ආදරේ දකින ඕන කෙනෙක්ට පේනවා...ඒක ඒ තරම් ආදරයක්...

My_Euphoria [Ongoing]Unde poveștirile trăiesc. Descoperă acum