𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 12

Start from the beginning
                                    

ජන්කුක් කියපු බොරුව නිසා බොරුවට දුක් උන තේහ්‍යුන් නාග් රාජ් දිහා බලලා ඔලුව දෙපැත්තට වනන ගමන් එතනින් ආවා...මොනා උනත් ජන්කුක් මහ රැ උනත් ඉනිමගවල් හොයන් එයාගේ ටුටුචිව හෙව්ව නිසා තේහ්‍යුන් ට ටිකක් දුක හිතුනා...

තේහ්‍යුන් ඒ ගමන් ම ආවේ කෑම මේසෙට...අද කවදාවත් නැතුව උදේ කැම මේසේ ඔක්කොම වගේ හිටියා...තේහ්‍යුන් දැක්කමත් ජන්කුක් ව දැන් රතු වෙන්න අරන්...ඊයේ රෑ දේත් එක්ක...තේහ්‍යුන් හැමෝටම ගුඩ් මෝර්නින් කියාගෙන එයාගේ පුටුවෙන් ඉදගත්තා...

කට්ටිය කෑම කන්න ගත්තත් හැමෝම දිහා මාරුවෙන් මාරුවට බැලුව යූනා උගුර පෑදුවේ දෙයක් කියන්න...

අහ්ම්...ඒක නෙමේ...ඊයේ රෑ පිටිපස්ස දොර ඇරිලා තිබුනා....

එහෙමද...? සෙබස්තියන් වහලා නැද්ද...?

නැ කිම්...සෙබස්තියන් වහනවා අනිවාරෙන්...

කිම් යූනා කතා වෙද්දි ජන්කුක් වගේම හෝසොක්ගේ ඇස් ලොකු උනා...ජන්කුක් ට දොර වහන් එන්න ඊයේ රැ අමතක උනා...ජන්කුක් ඉක්මනින් චිකන් වින්ග් එකක් කටට ඔබාගත්තේ බය අඩු කරගන්න....හෝසොක් මිල්ක් එක බීගෙන බීගෙන ගියා...

ඒකත් හරි කියමුකෝ...අද උදේ සෙබස්තියන් කිව්වා ඉනිමග ගාඩ්න් එකේ තිබ්බලු...

🐰🐯: කැහ්...කැහ්....

ඒ පාර නම් කකා හිටපු ඒවා හිර උනේ තේහ්‍යුන් ටයි ජන්කුක් ටයි...ඉනිමග කිව්ව ගමන් දෙන්නටම කෑම හිර උනා...ජන්කුක් ඉක්මනින් මිල්ක්ශේක් එක බොද්දි තේහ්‍යුන් කටට අත තියන් කැස්ස නවත්තගත්තා...හෝසොක් ජන්කුක් දිහා හොරෙන් බලද්දි තේහ්‍යුන් හොරෙන් ජන්කුක් දිහා බැලුවා...ජන්කුක් මාරුවෙන් මාරුවට තේහ්‍යුන් හෝසොක් දිහා බැලුවා...

අනික...ඊයෙ රෑ මොකක් හරි බර දෙයක් වැටෙන සද්දයක් ඇහුනලු...හරියට තාප්පෙන් කවුරු හරි පනිනවා වගේ...

🐴: කැහ්...මං කාලා ඉවරයි...මං යනවා....

පරිස්සමෙන් පුතා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now