𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 10

Start from the beginning
                                    

ඇදෙන් හිමින් ඉදගත්ත ජන්කුක් ඇගිලි එකට මිරිකමින් ඔහේ කදුලු වලට ගලන් යන්න ඉඩ දුන්නා...සමහර විට තේහ්‍යුන් කියපු දේවල් ඇත්ත කියලා ජන්කුක් හිතුනා...ජන්කුක් ට තියෙන ලොකුම දුක තේහ්‍යුන් එයා එක්ක අමනාප උන එක...දවල් එයාව ගනන් ගන්නෙ නැතුව හිටපු එකට ජන්කුක් පසුතැවුනා...

ජන්කුක් ගේ කාමරෙන් එලියට ආපු තේහ්‍යුන් ඒ සැනින්ම ආවේ හෝසොක්ගේ කාමරේට...හෝසොක් වොශ් රූම් එකේ නිසා ටිකක් වෙලා ඉදපු තේහ්‍යුන් ආයෙ උඩට ආවා...තේහ්‍යුන් ඒ විදියට ජන්කුක් ට කැගහන්න නෙමේ හිටියෙ...ඒත්...නොදැනුවත්වම තේහ්‍යුන් ගේ යටි හිතට දැනුන ඉරිසියාවයි කේන්තියයි එයා ජන්කුක් ගෙන් පිට කරා....

ඇදේ ඉදගෙන හිටපු ජන්කුක් හිමින් නැගිටලා වොශ් එකක් දාගෙන කෑම මේසෙට කලින්ම ආවා..ජන්කුක් බලන් හිටියේ තේහ්‍යුන් එනකම්...ඒ එක්කම යූනා කිම් පහලට ආවා...යූනා ඇවිත් ඉදගනිද්දි උඩ ඉදන් තේහ්‍යුන් එන දිහා ජන්කුක් බලන් හිටියා...තේහ්‍යුන් ගේ නපුරු ඇස් අද නිකමටවත් ජන්කුක් දිහාවට හැරුනේ නැ...

ජන්කුක්...කන්න...ඇයි බලන් ඉන්නෙ...?

හරි මිස්ටර් කිම්...

ජන්කුක් එක එල්ලේ තේහ්‍යුන් දිහා බලන් ඉද්දි කිම් ජන්කුක් ට කිව්වම හොද සිහියට ආපු ජන්කුක් කන්න ගත්තා...තේහ්‍යුන් එයා එක්ක ඉන්නෙ තරහෙන් ඉන්නෙ කියලා ජන්කුක් දන්නවා...ජන්කුක් වෙනදට වඩා සද්ද කර කර කෑවේ තේහ්‍යුන් බනි කියලා හිතන්...ඒත් තේහ්‍යුන් නම් නෑහුන ගානට ප්ලේට් එක දිහා විතරක් බලන් කෑම කෑවා....

මිස්ටර් ජන්කුක් ප්ලීස්...ඔයා එක්ක අපිත් කන්න ඕන නේ...ඒක නිසා පොඩ්ඩක් සද්ද නොක----

යූනා ඇස් බැමි උස්සන් ජන්කුක් ට බනිනකොට ඒක නැවතුනේ කිම් උනත් ජන්කුක් ගේ කෑම වල රස බලන්න ගත්තම...ජන්කුක් ගේ කෑම එකක් සද්ද කර කර කෑව කිම් ජන්කුක් එක්ක හිනා උනා...ජන්කුක් බනී ස්මයිල් එක දාලා එයාගේ ප්ලේට් එක කිම්ට ලං කරේ දෙන්නා එක්කම කන්න...කිම් නිසා මොකුත් කියන්න බැරි නිසා යූනා කට වහන් කෑවා...

ම්ම්ම්...ගූකි කන ඒවා ගොඩක් රසයිනේ...යූනා අජුම්මට කියන්න මටත් හෙට ඉදන් ගූකි කන ඒවා ඕනෙ කියලා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now