ඒකෙන් අපිට රාක්ෂයන්ගෙන් ආරක්ෂාවෙන්න පුලුවන්ලු.

රාක්ෂයන් කියන්නේ ඈත අතීතයේ ඉදන් පැවත එන දෙවිවරු වගේ අමරනීය කොට්ටාසයක්ලු..

ඒ අයව ටික කාලෙකට නැතිකරන්න පුලුවන් උනත් මරන්න බැයිලු...

එයාලගේ ප්‍රධාන ආහාරය අර්ධ ලෝහිතයන්ලු එයාලා ඉක්මනින් ඒ ලේවල සුවදට ඉක්මනින් ආකර්ෂනය වෙනවලු.

ඒ නිසාලු අර්ධලෝහිතයන්ට ජීවත් වෙන්න මේ වගේ තැනක් නිර්මානය කරලා තීන්නේ..

මන් මිසිස් හන් ගැන එයා එක්ක කතා කරද්දි ඒ ෆියුරි කෙනෙක් කියලා කෙටිනමකින් හොබී කිව්වා.

දෙවිවරුන්ගේ නම් වගෙම රාක්ෂයන්ගේ නමුත් බලගතුයි කියලා එයා මට කිව්වා.

එයාලා ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලනම් මට තෙරෙන්නෑ.

කොහොමත් මෙතන වෙන ගොඩාක් දේවලින් ගොඩාක් දෙවල් මට නොතේරෙන ඒවා.

මන් එයා එක්ක කතාකරකර කදවුරේ පුහුනුවීම් කරන තැන් ටික, කැම ගන්න තැන වගෙම කැබින් ටිකත් නැරඹුවා.

ඒ කැබින් වලින් සියුස්,හේරා,පොසෙයිඩන් කියන ලොකු තුන්කට්ටුවේ කැබින් සම්පූර්නයෙන්ම හිස් ඒවා..

එරිස්ගේ කැබින් එකෙයි හර්මිස්ගේ කැබින් එකෙයි තමා ටිකක් වැඩිපුර ලමයි හිටියේ..

හර්මිල්ගේ කැබින් එකේ ගොඩාරියක් කට්ටිය ඉන්නේ,සමහර දෙවිවරු ඒ තමන්ගේ ලමයි කියලා එයාලව පිලිගන්නෙ නැති නිසයිලු..

"ඔයා මෙහෙ ගෙවන ජීවිතේ සතුටින්ද ඉන්නේ..."

හොබී එක්ක පොකුනක් ලග නතර උන මන් පොකුන ඇතුලේ හිටිය කෙල්ලො දෙන්නෙක් එක්ක හිනාවෙන ගමන් ඇහුවා.

"ඒ ජල දෙවගනන්..එයාලට අනුබල දෙන්න ගිහින් අමාරුවේ වැටෙන්න වේවී.."

මන් දන්න විදිහට ජල දෙවගනෝ කියන්නේ ඇෆ්‍රොඩයිට්ගේ ලමයි..

*සැක් මන් ඒ විෂයවත් හරියට ඉගෙන ගෙන නෑනේ..*

"ඔයා මන් අහපු දේට උත්තර දුන්නෙ නෑ"

"අපිට සතුටින් ඉන්න නෙමේ ජීවත් වෙන්න ඕන්නම් ඉන්න තීන එකම ආරක්ෂාකාරී තැන තමයි මෙතන.."

A sub - godWhere stories live. Discover now