"අහ් ඒක සුලු දෙයක්..."

"මන් කිසිම කමකට නැති රැකවලෙක්.මට ඔයාව හරියට ආරක්ෂා කරගන්න බැරි උනා.."

"උන් මොක්කුද ජිමින්..වවුල් තටුතීන ගෑනු අයයි ගොන් මිනිස්සුයි....උන් අර මිත්‍යා කතාවල ඉන්න රාක්ෂයෝ වගේ.."

"අහන්න ටේටේ....ඔයා විශ්වාස කලත් නොකලත් ඔයා මිත්‍යා දේවල් කියලා හිතන් ඉන්න දේවල් ඇත්ත.."

"ඒත් කොහොමද..."

"ඒ ගැන හැමදෙයක්ම ඔයාට කයිරෝන් කියාවී..."

"හ්ම්..."

"මේක මන් පහල දෙනියේ තිබිලා ගෙනාවේ...ඇත්තටම ඒ උන දේ ගැන මට ගොඩක් කනගාටුයි ටේටේ.."

"ඔම්මා..."

ජිමින් මගේ අතින් මිනටෝර්ගේ අග තියද්දි උගෙ අතින් වාෂ්ප උන ඔම්මව මතක් වෙලා මගෙ ඇහැට කදුලක් ආවා.

"මටත් දුකයි ඒ උන දේට..ඒත් මේ වෙලේ ඔයා ශක්තිමත්ව ඉන්න ඕනී..හැමදෙයක්ම හොද විදිහට විසදේවී ටේටේ.."

මාව වැලදගත්ත ජිමින් මගේ පිටට පුන්චි තට්ටු දාන ගමන් මාව සැනසුවා..

"ටේටේ...දැන් අපි කයිරෝන්ව මුන ගැහෙන්න යන්න ඕනී..ඔයා එනකන් කදවුරු අධ්‍යක්ෂකත් බලන් ඉන්නවා.."

"හ්ම් යමු..."

ඊට පස්සේ අපි හිටිය කාමරෙන් එලිට ආපු අපි දෙන්නා කොරිඩෝවක් දිගේ ඉස්සරහට ඇවිදන් ගිහින් අපි හිටි ගෙදරම ඉස්සරහා පැත්තට ආවා..

ඒ යද්දි මට dadaepo වෙරල තීරය වගෙම එකම විදිහේ ඇදුම් ඇදන් ඉන්න විවිද වයස්වල ලමයි වගෙම සැටර්ලත් දැකගන්න ලැබුනා..

එයාලා ඔක්කොමලා ඒ මේ අත දුවන ගමන් සෙල්ලම් කර කර හිටියේ.එතනින් සමහර අය කැලෑබද පාරවල්වල අශ්වයෝ පැද්දා..

ඊටපස්සේ මට දැකගන්න ලැබුනේ කොරිඩෝව කෙලවර මේසෙකට වෙලා කාඩ් සෙල්ලම් කරන කට්ටියක්ව..

එතන උදේ මට හමුවුන ලස්සන කොල්ලයි තවත් සුදුමැලි පෙනුමක් එක්ක නපුරු ඇස් දෙකක් තීන කෙනෙකුයි හිටියා.

එතන තව කෙනෙක් හිටියා උනත් එයා හිටියේ අපිට පිටුපාලා වාඩිවෙලයි..

A sub - godWhere stories live. Discover now