"ඕකේ මයි බේබි ටයිගර්...මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද? ම්ම්ම්...."

ජන්කුක් හරිම සන්සුන් විදිහට එහෙම අහද්දි ටේ අඩන එක නවත්තලා එයා දිහා බැලුවේ ජන්කුක්ට සැනසුම් සුසුමක් පිටවෙද්දි.ඒත්.......

"හුවෑඈඈඈඈඈඈඈඈඈඈ....ඔම්මා....එයා නලකයි...."

වැඩේ හරියන්නේ නෑ.ටේ මේ තරම්ම ඇඩුව පළවෙනි දවස නිසා ජන්කුක් හිටියේ ටිකක් සප්‍රයිස් වෙලා.තමන්ගේ හිතට ආවේගයක් ආවේ නැත්තෙම නෑ.ඒත් එයා ඒක පාලනය කරගත්තා.දත් මිටි කාගෙන සන්සුන්ව හිනාවෙවී කතා කරපු ජන්කුක්.....

"මම නරකයි තමයි...ඒත් ඔයාගේ ඔම්මා මට ඔයාව ආරක්ෂා කරන්න කියපු නිසා මම ඔයාට නපුරු වෙන්නේ නෑනේ..."

"ඒනම් අහගල්ලවා..ඔයා නපුලුයි...මොකද ඔයා ටේටේට බය වුනේ නෑ......හුවෑඈඈඈඈඈඈඈඈඈඈ....."

"ඈ?......."

හේතුව දැනගත්තු ජන්කුක් උඩ බිම බැලුවේ ඇයි තමන් එයාට බය වෙන්න ඕනේ කියලා හිතලා.ඒත් ටික වෙලාවක් කල්පනා කරපු ජන්කුක් තමන් එද්දි ටේ සුදු රෙද්දකුත් පෙරවගෙන පැන්න එක තමන් බය වෙන්න ඕන දෙයක් කියලා තේරුම් ගත්තා.

ඒත් දැන් ටේගේ ඇඩිල්ල නතර කරන්නේ කොහොමද? ටික වෙලාවක් කල්පනා කරපු ජන්කුක්.....

"ආ හරි මම ආපහු එන්නම්...එතකොට බය කරන්න...."

ජන්කුක් එහෙම කියද්දි ටේගේ ඇස් දිලිසුනා.වයින් කරපු බේබි ඩෝල් කෙනෙක් වගේ ඔලුව උඩට පහළට කරපු ටේ රෙද්ද පොරවගෙන එතනින් දුවලා ගියේ තමන් ගෙවන ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන හිටපු ජන්කුක් ටික වෙලාවක් ටේ යන දිහා බලන් ඉදලා ආපහු ලයිට් ඕෆ් කරගෙන එතනින් යද්දි.


"ආආආඅහ්....ගර්ර්ර්ර්....."

"හොල්මනක්...බේරගන්න....."

"ඒ මුකද්ද කළේ...ආපහු ගීන් එල්ල....."


"ආආආආහ්...ගර්ර්ර්ර්ර්......"

"හොල්මාන්!...."

"ම්ම්ම්.....ඒකත් හලියන්නේ නෑ...ඔයිට වඩා බය වෙල්ල අලේ....ආපහු එල්ල...."



"ආආආආහ්...ගර්ර්ර්ර්ර්....අද මම උයාව කනවා..."

"ආආආ!!! හොල්මාන්...මාව බේර ගන්න...."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now