episode 6(first meet..)

Start from the beginning
                                    

ටිකක් ඉන්න....ඒ කෙල්ලව මට කොතනක හරි දැකලා පුරැදුයි.....ඒත්...කොහේදිද....මතකෙට එන්නෙ TV එකේ දැක්ක කෙනෙක් වගේ......අශ්...ඔයාටත් ඕන්නැති දෙයක් නෑනෙ yeonjun-ah...ඒ කෙල්ල ගැන බලන්න ඕන නෑ....

Yeonjun එහෙම හිතාගෙන එතනින් යන්න හදද්දිම ji yeon තුත් එතනින් නැගිට්ටා.ඒ නිසා yeonjun තුත් නැවතුනා.

මොනාද එයා කරන්න හදන්නෙ...මැරෙන්නවත්ද නැගිට්ටේ...නැත්තම් හුලං පාර වැදෙන්නවත්ද..

ප්‍රශ්නාර්ථයක් එක්ක yeonjun ඇය දිහා බලන් හිටියා.ji yeon ගියේ building එකේ උඩ කොටසෙ වටේම සාමාන්‍ය උසකින් වගේ තිබුනු යකඩ වැටක් වගේ එකක්....ඒකේ තිරස් අතට යකඩ බට හතරක් විතර ගහලා තිබුනා.(ඕ අහවල් වැටට කියන නම මන් දන්නෙත් නෑ.විස්තර කොරන්ට තේරෙන්නෙත් නෑ..කෝ ම හරි ඒක වැටක්...තේරැනාද ලමායි..වැටක්...)

මන් හිතන දේ නම් එතන වෙන්නෙ....නෑ නෑ...ඒ දේ වෙන්න ඉඩ තියන්න බෑ...

Yeonjun ඒත් එක්කම ඉක්මනින් ඇය දෙසට ගියා.ji yeon ඒ බැම්මට නගීවි කියලා හිතුවත් ඇය මොකුත් නොකර ඒ වැටට හේත්තු වෙලා හිටියා.ඒත් ඒ වැඩ ගොඩක් පරණ එකක් නිසා දිරලා තිබුනා.ඇත්තටම මේ දෙන්නම හිටියෙ අවදානම් විදියට ප්‍රතිසංස්කරණ කරලා වහලා දාපු building එකකට.yeonjun එතනට ගොඩ වතාවක් ඇවිත් තියෙන නිසා එතැන තියෙන අනතුරැදායක දේවල් වගේම තැන් පවා දන්නවා.එතනින් ඔය වැටත් අවදානම් එකක්.....

💚අහන්න ටිකක්...මන් ඔයාව දන්නෙ නෑ...ඒත් ඔතනින් අයින් වෙන්න..ඔය වැට හයිය මදි...ඔයාව පල්ලෙහාට වැටේවී.....

ඒත් ji yeon කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ.

💚හෙල්ලෝව්.....මැඩම්..මන් ඔයාට කියන්නෙ....කන් ඇහෙන්නෙ නැද්ද...

මොනා වුනත් ඉතිම් yeonjun කතා කරන විදිය වෙනස් වෙන්නෙ නෑනෙ...මරාගන්න යන විදියටමයි කතාව...

💚මැරෙන්න ඕන නම් වෙන විදියක් බලන්න..මීට වැඩිය වේදනාවක් නැති මරණයක් ඔයාට ලගා කර ගන්න පුලුවන් විධි ඕන තරම් තියෙනවා...

🌼මන් මැරැනත් මගෙන් කාටවත් වැඩක් නෑ.....ඉතිම් මන් මැරැනත් මොකද.....

💚මොකද...හහ්..තමුන් මෙතන මැරැනොත් මට නිදහසේ ඉන්න කියලා තියෙන තැනත් නැති වෙනවා...

ගත් කටටම Yeonjun කියාගෙන ගියේ පොඩ්ඩක්වත් feelings දැනෙන්නෙ නැති කෙනෙක් වගේ.

🌼කටවහන් යනවද මෙතනින් වදයක් නොවී.....

Ji yeon   එහෙම කියද්දිම ඒ වැටෙන් කොටසක් බරාස්...* ගාගෙන කැඩිලා ගියා.

💚මන් කිව්වනෙ...මෙහාට එන්න.....නැත්තම් වැටේවි...

ඒත් ji yeon කියන දේ අහන පාටක් නෑ... ඇය ලගට යන්න හදද්දිම yeonjun ඉන්න පැත්තට හැරැනෙ ඒ වැටට තවත් හේත්තු වෙනගමන්..ඒ වෙලාවෙයි yeonjun හරියටම ඒ මූන දැක්කේ...

රතු වුනු කම්මුල්...කදුලුත් එක්ක රතු පැහැයට හැරිලා තිබුනු ඒ ඇස් වලින් වගේම ඒ වෙව්ලන තොල් වලින් yeonjun ට හිතාගන්න පුලුවන් වුනා එයා කොච්චර වෙලා අඩලද කියන එක...

💚අහන්න..මේ ලෝකේ තියෙන හැම අමාරැ දේකටම තියෙන විසදුම මැරෙන එකයි අඩන එකයි නෙවේ... ඒ දේවල් වලට මුහුන දෙන්න වෙනවා අපි ජීවත් වෙනවනම්...මැරැනා කියලා නැති වුනු දේවල් වගේම ඇති වුනු දේවල් වලටත් කිසි දෙයක් කරන්න බෑ...ඒකෙන් වෙන්නෙ තව තවත් ප්රශ්න වැඩි වෙන එක.....ජීවිතේක වටිනාකම දන්නෙ ජීවිතේ කියන දේ තේරැම් ගත්තු අය විතරයි....ජීවිතේ අපිට කොතනක හරි හැරවුම්ලක්ෂයක් එනවා...ඒකට අපි මුහුන දෙන්න ඕන.....ඒක තමා මේ ලෝකේ ස්වභාවය....එතනින් ඔයාගෙ ජීවිතේ හොද අතට හරවගන්නවද නරක අතට හරවගන්නවද කියන එක ඔයාගෙ තීරණයක්....

Yeonjun, ji yeon දිහා බලාගෙන කිව්වෙ ඇයව එතනින් ගන්න ඕන කියන අරමුණින්....yeonjun හෙමින් ji yeon ලගට ආවා.

🌼ඔයාට මගෙ ප්‍රශ්නෙ ගැන තේරැම් ගන්න බෑ....ඒ වගේම කාටවත් බෑ මාව තේරැම් ගන්න....මන් තනිවෙලා ඉන්නෙ හැම පැත්තකින්ම....

💚ඒත් ඔයාට ඔයා ඉන්නවනෙ...එහෙම නේද.....

Yeonjun, ji yeon දෙසට තම අත දිගු කරනගමන් කිව්වා.

🌼හම්.....ඔයා හරි...ඒත්...මේ වෙලාවෙ මට කිසිම ශක්තියක් නෑ....

💚ඔයාට පුලුවන්....

ඇය yeonjun දිහා බලන් හිටියා.ඒත් එක්කම ඇය yeonjun ගෙ අතින් අල්ල ගන්න යද්දිම ji yeon හේත්තු වෙලා ඉදපු වැටේ තවත් කොටසක් කැඩිලා ගියා......


































ඒ වෙලාවෙ yeonjun ඇයව ඉක්මනින් අල්ල ගත්තා.

💚බය වෙන්න එපා මන් ඔයාව අල්ල ගෙන ඉන්නෙ.....














හෙ..හෙ..ඊලගට මක් වෙයිත...🙂🌼

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)Where stories live. Discover now