TH-" baby............."

ටේහ්‍යුන්ග් කතා කරේ ගොඩක් නිවුන කටහඩකින්. ඒ හඩ හරිම ආදරණීයයි.

TH-" baby...... නැගිටින්න....."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මූන වතුරෙන් තෙමුවා.

TH-" නැගිටින්න baby....look at me... "

Jk-" ම්ම්ම්හ්හ්ම් ........"

ජන්කුක් , හෙමින් ඇස් ඇරියා. ජන්කුක්ගේ තොල් වලට හිනාවක් ආවේ වෙනදට ඇස් අරිනකොට එයාගේ ඇස් ඉස්සරහා maid කෙනෙක් හරි වෙන කවුරු හරි ඉන්නේ උනත්, අද ඇස් අරිනකොට එයාගේ ඇස් ඉස්සරහා ඉන්නේ එයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා

Jk-" මා-මාස්ට~~~~"

TH-" ශ්..... baby....  කතා එපා.... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඔලුව හෙමින් අතගෑවා.

TH-" මං හිතුවට වඩා ඔයා ගොඩක් ශක්තිමත් "

ජන්කුක් , වේදනාවෙන් හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" අපි.... නාන්න යමු.... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව හරහට වඩා ගත්තා. ජන්කුක් එයාගේ පපුවේ තුරුල් කරගෙන මෙහෙම ඇවිදන් යද්දී ටේහ්‍යුන්ග්ගේ පපුව වේගෙන් ගැහෙන්නේ ඇයි ... ඒ එක්කම පපුවේ ලොකු වේදනාවක් ඇයි....

TH-" දන්නවද ..... ඔයා මෙහෙම මගෙ තුරුලේ ඉද්දී කොච්චර ලස්සනද කියලා....."

තවමත් ටේහ්‍යුන්ග්ගේ වචන ජන්කුක්ගේ පපුවට බරක්. පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. ටේහ්‍යුන්ග්ගේ ආදරනීය කතා එයාට අඩන්න තරම් සතුටක් ගෙනාවා. ටේහ්‍යුන්ග් මේ වගේ දේවල් නිතරම කියන් නෑ.....

ජන්කුක් දිලිසෙන ඇස් වලින් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියේ. ටේහ්‍යුන්ග් ජන්කුක්ව හරහට උස්සගෙන පඩිපෙල නගින ගමන් හිටියේ.

TH-" මේ ලස්සන වෙන අය ලගට ගියාම නෑ... මේ ලස්සන තියෙන්නේ මගෙ ලග ඉද්දී.... මගෙ ලගින් විතරක් ඉද්දී....... "

ටේහ්‍යුන්ග් කතා කරේ possessive විදියට.ජන්කුක්ට දැනුනා ටේහ්‍යුන්ග්ගේ possessive අවුරාව. මේ එයා jaehyun ලග ඉද්දී ටේහ්‍යුන්ග්ගෙන් පේන්න තියන අවුරාව. ඒත් අද... අද ඒක ගොඩක් වෙනස්....
අද ටේහ්‍යුන්ග්ගේ ඇස් වල ආදරේ, කරුණාව පේන්න තියනවා.

SCARWhere stories live. Discover now