ඉදින් මේ අකිල්ගේ හඬ නිසල කුටිය සසල කරන්න සමත්විය .....
ඔහුට අහුන්කම් දෙන්න කවුරුත් නැතත ඔහු කියවනවා......

____________❤️‍🩹

#සහේෂ්

දිනකට පසුව සහේශ්ට පුළුවන් වුනා සම්පුර්ණ පියවි සිහියට පැමිනේන.......
පපුව පුරා තැනින් තැන සවි කර තිබු වයර් කැලි එකින් එක ඉවත් කලත් තවමත් ඔක්සිජන් මාස්ක් එක නම් ඒ මුවට සවිවෙලයි තිබුණේ ,

බෙහෙත් සැර පරදා කුටියේ හමට විලවුන් සුවද සහේශ්ට මතක් කලා පෙර දින තමාට ඔහු ළඟ යැයි දැනුන දේ හීනයක් නොවන බව,

රෝහල් කුටියේ නාන කාම⁣රයෙන් ඇසෙන වතුර ශබ්දය නිසා සහේෂ් දන්නවා ඒ ඉන්නේ ඔහු කියලා ..

සයනයේ පහසු විදිහට අසුන් ගත් සහේෂ්ගේ දැස් යොමු වෙලා තියෙන්නේ නාන කාම⁣රයේ දොර වෙතයි...

ඒ දෑස් බලාපොරොත්තු වුයේ ඒ රෑපයම වෙද්දී ,
අකීල් ඉන් පිටතට ආවේ සුළු පිරිසිදු විමකින් අනතුරුවයි..

ක්‍රමානුකූලව ඩෙනිමට පෙර දින යට කර තිබු කමිසය අද ඒ ඉනෙන් ගිලහිලා ඩෙනිමට ඉහලින් වැටෙද්දි ,
දිගු අත් දෙක වැලමිට දක්වා ඇකිලිලා ගිහින් තිබුනා..
ඉදිරිපස බොත්තම් ⁣තුනකට වඩා ලිහිල් වෙලා තිබු කමිසයෙන් අකීල්ගේ පපුවෙන් සැහේන ප්‍රමාණයක් නිරාවරණය වෙලා.......

මුහුණ සෝදද්දී තෙමුන හිසකෙස් වලින් තවමත් එක දෙක වතුර බිංදු ඒ පපුව තෙමනවා......

සහේශ් හැමදේම බලාගෙන,
මේ මුරංඩුකාරයා අදනම් පිස්සෙකු හා සම නොවේද ?
ඔහු හිනාවෙනවා .........
ඇස් වලින් පවා ඔහු හිනාවෙනවා.

" ස..හේ..ෂ් "

අඩියට දෙකට ඊලග සහේශ් හිටියේ අකීල් ළඟ.....

" ඔ..යා ඇ..හැ..ර..ලා "

ඒ හඩේ තියෙන්නේ වේදනාවක් ......
අමුතුවෙන් ඒක සහේෂ් පැහැදිලි කරන්න දෙයක් නැ,
ඉදින් ඊයේ දිනයේ සිට අකීල් හිර කරගෙන තද කරගෙන හිටි දුක , වේදනාව , කදුළු වල සීමාව මෙතනින් අවසන් විය.....

වැස්සක් වගේ වැටෙන ඔහුගේ කදුළු හැමදාම වගේ සහේෂ්ව රිද්දුවා.

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now