කඳුළැලි - 49

Start from the beginning
                                    

'කෑම කාලා යන්න පුළුවන්ද ටවුන් එකට ගිහින් බඩු ටිකක් ගන්න?' ඇය ‌හිස් තේ කෝප්පය මගේ අතකින් තබා විමසුවාය.

මම මදක් කල්පනා කළේ අද මට රැස්වීම් තිබෙනවාද යන්නයි. මොහ‌ොතකට පසුව මම හිස වැනුවෙමි. 'අද රැස්වීම් නැහැනේ. අපි දෙන්නට පුළුවන් ගිහින් ටිකක් වෙලා එළියේ ඉඳලා එන්න. ඕන නම් කොහේ හරි ඇවිදින්න යන්නත් පුළුවන්.' 

යෙහෙනි නැවතත් ඇඳ මතට ඇද වැටුණාය. ඇගේ දෙතොල් මත රැඳී තිබුණේ සිනහවකි. මම කිසිවක් නොකියා කාමරයෙන් පිටතට පැමිණීයෙමි. මම ආහාර පිසින තෙක් ඇය ඇඳ මත ගුලිව සිටීමට ‌හෝ කුස්සියේ මේසය මත හිඳගෙන බිස්කට් මොනවා හෝ කන්නට වූවාය. ඉදිරියට නෙරා තිබූ ඇගේ දරු ගැබ ඇගේ දැඟලීම නවතාලීමට නම් සමත් නොවීය. ආහාරයට ගන්නා සියල්ලක්ම පාහේ වමනය කළ හෙයින් නිසාමදෝ යෙහෙනි නිතර නිතර මොනවා හෝ කෑම පුරුද්දක් කරගෙන තිබිණි. මම ඇයව සතියකට වරක් හෝ දෙවරක් ඇය කැමති තැනකට ආහාර ගැනීම සඳහා එක්කරගෙන ගියෙමි. පිටත කාලය ගත කිරීමෙන් ඇගේ මානසික පීඩනයද අවම වූ හෙයින් මම එයින් තෘප්තිමත් වූයෙමි. 

ගොටුකොළ මැල්ලුමක් සඳහා මම ගොටුකොළ කපමින් සිටියදී යෙහෙනි මුළුතැන්ගෙයට පැමිණ ‌මේසය අසල වූ පුටුවකින් හිඳගත්තාය. මම කෙසෙල් ඇවරියකින් ගෙඩියක් කඩාගෙන ඇයට පිරිනැමුවෙමි. ටින් එකකින් බිස්කට් දෙකක් ගත ඇය සෙමෙන් එය අනුභව කළාය. මේසය මත තිබූ ඇගේ කොණ්ඩ පටිය ගත් මම එයින් ලිහිල් ලෙස ඇගේ කොණ්ඩය ගැටගසා දැමුවෙමි. 

'අද මොනවද ගන්න තියෙන බඩු?' මම ඇගෙන් විමසා සිටියේ නිහඬව සිටීම අප දෙදෙනාවම අපහසුවට පත් කළ බැවිනි. 

යෙහෙනි කෙසෙල් ‌ලෙල්ල කුණු බාල්දියට විසි කළාය. 'බබාලා දෙන්නට ඇඳුම් ගන්න ඕන. තව මාස පහයිනේ ‌තියෙන්නේ. ඒවා හෝදන්න ඕන. ඒක නිසා දැන්මම ඒවා බැලුවොත් හොඳයි කියලා හිතුණා. තව සරසවියට ගිහින් පොත් ටිකක් ගන්නත් ඕන. බබාලා ගැන ලියවිලා තියෙන පොත් ටිකක් ගන්න තියෙනවා නම් හොඳයි. මේ සැරේ නම් බබාලා දෙන්නවම පරිස්සමට තියාගන්න වෙනවා.' 

'ඔයා ලෝකේ හොඳම අම්මා වෙයි කියලා මට විශ්වාසයි.' මම තහවුරු කළෙමි. යෙහෙනි දත් විදහා සිනාසුණාය. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now