මූනට ලාවට ෆවුන්ඩේශන් පවුඩර් පොඩ්ඩක් ගෑවා. ඒත් එයාගේ තොල් වල මොකුත් ගෑවේ නෑ.
වෙනදට ලිප් බාම් ගානවා. එයාගේ තොල් පැලෙන හින්දා ලිප් බාම් ගෑවට හ්‍යුන්බින් මොකුත් කියන් නෑ. ඒත් lipstick නම් ගාන්න දෙන් නෑ...

ඒත් අද ලිප්බාම් ගෑවෙත් නෑ...

ජන්කුක් , එයාගේ ඇගිලි තුඩු වලින් තොල් පෙති මත ඇගිලි හෙමින් පිරිමැද්දා .

Jk-" ලිප් බාම් ගාලා ඒක විනාස කරලා දාන්න බෑ.... "

ජන්කුක් තමාටම මුමුණ ගත්තේ ඊයේ හවස සිදු උන සිදුවීමක් මතක් උන හින්දයි.

……………………………………

Flashback

TH-" ඔයාට මොනවද මගෙන් ඕනේ ? "

ටේහ්‍යුන්ග්ගේ , ඒ වචන වල තිබ්බ ආකර්ෂණීය බවට ජන්කුක්ට පොඩ්ඩක්වත් විරුද්ධ වෙන්න බෑ. ජන්කුක් ඉන්නේ හරි මනසින් නෙමේ. ඒ වගේම එයා ටේහ්‍යුන්ග්ගේ හැම දැලකටම අහු වෙලා.

Jk-" සි..සිපගන්න "

ජන්කුක් මිමිණුවේ මත් වෙලා වගෙ. තවමත් ජන්කුක්ගේ ඇස් පියවිලා . ජන්කුක්වත් දන් නෑ මොනාද කියන්නේ කියලා. එයා ඒ දේ හිතුවා විතරයි ඒත් එයා දන් නෑ එයාට ඒ දේ කියවුනා කියලා.....

TH-" මොකද්ද ? ම්ම්ම්..  හයියෙන් කියන්න "

' හයියෙන් කියන්න ? ඒ කියන්නේ මං ඒ හිතපු දේ මට කිය උනාද ? දෙවියනේ... ' ජන්කුක් ගැස්සිලා හරි මනසට ආවා. ඒ වෙනකොටත් ටේහ්‍යුන්ග් එයාට ගොඩක් ලගින්.

Jk-" ම..මං මං කිව්වේ.... "

TH-" ඔව්.. මොකද්ද දැං කිව්වේ.... "

Jk-" මට..  මට ගෙ-දර යන්න ඕනේ කිය-ලා "

ජන්කුක් කතා කරේ ගොත ගගහා. එයාට ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බලාගෙන බොරු කියන්න බෑ.

ටේහ්‍යුන්ග්ගේ ඇහිබැමි ඇකිලුනා. එයා දන්නවා ජන්කුක් කියන්නේ බොරු කියලා. ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කම්මුල් වලින් මිරිකලා ඇල්ලුවා.

TH-" ඇත්තද කියන්නේ.... "

ටේහ්‍යුන්ග් කතා කරේ cold voice එකකින්. ජන්කුක් කිසිම උත්තරයක් දුන් නෑ... මොකද ජන්කුක් හිටියේ තිගැස්මෙන්.

SCARWhere stories live. Discover now