P𝚊𝚛𝚝 1️⃣8️⃣

Start from the beginning
                                    

" වට් !  ත...මු..සේ..ට හොදටම ෂුවර් ද මේ ඒ කෙනා කියලා "





" ම්.... තාත්තාගේ phone එකෙන්ම තමා මං ඕකත් ගත්තේ අයියේ ,
අනික මෙයා ඔ.....   
අයියේ..!   අයියේ  !!  ඔයා කොහෙද යන්නේ , ටිකක් ඉන්න "




***************



" තමුසෙට පිස්සු ද අකීල්...! මට යන්න දෙනවා මනුසයෝ,මොකක්ද මේ කරන වැඩේ තේරැම "

අකීල් සිටි කල්පනා ලොවෙන් ඔහු මුදවන්න ඒ හඬට හැකි විය.





" ස⁣ හේ ෂ්  මං ඔයාට කිවානේ  ....
ඔය කරන්න යන වැඩේ නතරකරන්න කියලා "





" තමුන් මාව හිර කරන් හිටියා කියලා ඒ ඇත්ත එලියට එන එක නතර වෙන්නේ නැනේ  අකීල්..
තේරැම් ගන්නවා
අනික එදා ඔයාට  අහුන දේවල්  පිළිගත්තේ නැති වුනත්  මං දුන්න පෙන් එකේ ඒ හැමදේමටම උත්තර තියනවානේ නේද...
දැන්වත් පිලිගන්නවද ඔයාගේ තාත්තාලා එක්තු වෙලා කරන දේවල් වැරදි කියලා "

ඒ වචන වලට අකීල්ගේ මුහුණ වෙනස් විය.........
ඒ මු⁣හුණේ තියෙන්නේ දුකක් , කලකිරිමක්,

සහේශ් කියන කතාව ඇත්ත...
මගේ තාත්තායි ඩොක්ටර් ෆර්නැන්ඩෝයි එකතුවෙලා කරන්නේ ලේසියෙන් ගෙවලා ඉවර කරන්න බැරි පව් වැඩක්..
අවුරුදු ගානක් කාටවත් අහුනොවෙන්න මේ වැඩේ දිගටම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකට ඉහල ඇමති කෙනෙක්ගේ සහය තියන නිසා..

සහේශ් දුන්න පෙන් එකේ ඒ හැම දේම  ඇත්ත කියලා ඔප්පු කරලා මට පේන්නුවා..

ඕනි නැ සහේශ්ව මේ විදිහට හිරිකරගෙන ඉන්න , මට ඕනී මේ⁣ වැඩෙන් සහේශ්ව අයින් කරන්න විතරයි ......
නංගී කීව විදියට දැනටමත් එයාලට මෙයා ගැන තියෙන්නේ සැකයක්.....

එදා නංගී තව මොනවද කියන්න හැදුවත ස⁣හේෂ්ගේ පිංතූරය දැක්කට පස්සේ හැමදේම අමතක වුනා..
මට පිස්සු හැදුනේ නැති ටික විතරයි ,

සහේශ් මේ විදියට බලෙන් අරන් එන්න පෙළඹුණේ මගේ හිතේ තිබුන බය නිසා වෙන්න ඇති.




" ඒ මගේ තා ත් තා නෙවේ.."

සහේශ් ගැස්සුනේ ඒ වචනයට,
කුමක් ද මොහු මේ කියන කතාවේ තේරුම  .......



🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now