" මේ ළමයට මොනා වෙලාද? " ජන්ග්කුක් ජිමින්ගෙ මූණට තට්ටු කරන්න ගත්තත් ජිමින්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ.

බැරිම තැන ජිමින්ව හරහට වඩාගත්ත ජන්ග්කුක් එයාව තමන්ග නිදන කාමරේට අරගෙන ගියේ ජිමින් දැනටමත් නිදි කියලා හිතලා.

ජිමින්ව ඇඳෙන් තියලා වීදුරුවකට වතුර එකක් ගත්ත ජන්ග්කුක් ඒක සයිඩ් ස්ටෑන්ඩ් එක උඩ තියලා ජිමින්ගෙ මූණ දිහා බැලුවා.

හෙවී මේකප් එකක් තිබ්බ ජිමින්ගෙ ඇස් දාඩියට තවත් දිලිසෙනවා.තොල් ඉදිමිලා වගේ පේන්න තිබ්බත් ඒ පෙනුම ජිමින්ට හොඳටම ගැලපුණා.

" ජිමින්...හේයි...මේ වතුර එක බීලා ඉන්න " ජන්ග්කුක් හිමින් සැරේ ජිමින්ගෙ කම්මුලට තට්ටු කලා.කවුද දන්නෙ ප්‍රතිචාරෙ කොහොම වෙයිද කියලා.

" ජිමින්..." ජන්ග්කුක් ආයෙමත් කතා කලා..

" ම්ම්හ්..." ජිමින් හීනියට සද්දයක් දැම්මා.

හුස්මක් පාත දැම්ම ජන්ග්කුක් වතුර එක බීලා ඇඳෙන් නැගිට්ටෙ එයාටත් දාඩිය දාලා තිබ්බ නිසා.කවුද හිතුවෙ මේ මහ රෑ මේ ළමයා ජන්ග්කුක්ගෙ ගෙදරට කඩාපනී කියලා.

ජිමින්ගෙ බූට් දෙකත් පරිස්සමට ගල්වලා දාලා පැත්තකින් තිබ්බ ජන්ග්කුක් බාත්රූම් එකට ගිහින් උණුවතුර එකක් එක්ක තුවායක් අරන් ඇවිත් ජිමින්ගෙ මූණ පිහලා දැම්මෙ එයාට පහසු වෙන්න.

ජිමින්ගෙ ඇඳුමත් ටිකක් බුරුල් කරපු ජන්ග්කුක් ඩුවට් එක ජිමින්ට පොරවලා කාමරෙන් එළියට ආවා.

වර්ක් රූම් එකට ආව ජන්ග්කුක් ඒකෙ පරිස්සමට අතුරලා තිබ්බ ජිමින්ගෙ කැල්වින් ක්ලේන් අන්ඩර්වෙයා එක අතට ගත්තා.

" ඔයා මගෙ පස්සෙන් එන එක නතර කරන්නැද්ද පාක් ජිමින්? " ජන්ග්කුක් ඇහුවත් එයාට උත්තරයක් හම්බුනේ නෑ..

~~~~~~~~~~~

පැයකට විතර පස්සෙ ජන්ග්කුක් එයාගෙ කාමරේට ඇවිත් ඇඳ උඩ ඉන්න ජිමින් දිහා බලාගෙන ඉදලා ඇඳට නැග්ගා.හිමින් සැරේ ඩුවට් එක ඇතුලට රිංගත්ත ජන්ග්කුක් ටේබල් ලෑම්ප් එක ඕෆ් කරලා ඇස් පියාගත්තෙ ඇත්තටම එයා හිටියෙ මහන්සියෙන් නිසා.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 17, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now