➪02

1.7K 369 154
                                    

ප්‍රොෆෙසර් ජොන්ගෙ දේශනය නිමා වෙනවත් එක්කම ළමයි දේශන ශාලාවෙන් පිට වෙලා ගියා.. සමහර ගෑනු ළමයි ප්‍රොෆෙසර් එක්ක කතා කරන දිහා ජිමින් බලාගෙන හිටියෙ තමන්ගෙ බෑග් එකට පොත් ටික දාගන්න ගමන්..

"ජිමිනා...ආ මගෙ නෝට් එක...."

ටේහ්‍යුන්ග් තමන්ගෙ නෝට් ලියපු පොත ජිමින්ට දික් කලා..එයා ඒක අරගෙන බෑග් එකට දාගත්තෙ ප්‍රොෆෙසර් ජොන් තමන්ට නවතින්න කිව්වෙ ඇයි කියලා හිතන ගමන්..

"මේ බන්.. මං කැෆෙටේරියා එකේ ඉන්නම්. උබ ප්‍රොෆෙසර් ජොන්ව හම්බෙලා වරෙං...."

"හ්ම්....."

ජිමින් ඔලුව වනනවත් එක්කම ටේහ්‍යුන්ග් ජිමින්ව දේශන ශාලාවෙ තනි කරලා යන්න ගියා..ටේහ්‍යුන්ග් යන දිහා බලාගෙන හිටිය ජිමින් හිමින් සීරුවෙ ප්‍රොෆෙසර් ජොන්ගෙ මේසය ළගට ඇවිදගෙන ගියා..

ඒ වෙලාවෙ දේශන ශාලාවෙ හිටියෙ ප්‍රොෆෙසර් ජෝනුයි ජිමිනුයි විතරයි..ජිමින් ඇවිත් ජොන් ළග හිට ගත්තම ප්‍රොෆෙසර් එයා දිහා බැලුවා..

"වාව්...ඒ ඇස් කලු පාටයි...ඒ වගේම දීප්තිමත්..."

ජිමින් ප්‍රොෆෙසර්ගෙ ඇස් දිහා බලාගෙන ඒවයෙ ගිලෙමින් හිටියා..

තමන් දිහා කන්න වගේ බලාගෙන ඉන්න තරුණ ඉලන්දාරියා දිහා ප්‍රොෆෙසර් හොඳ අවධානයෙන් බලාගෙන හිටියා..බ්ලොන්ඩඩ් කොන්ඩයක් තිබ්බ කොල්ලගෙ ඇගේ හැම අගලක්ම මහාචාර්යවරයගෙ ඇස් වල ගැටුනා.. මහාචාර්යවරයගෙ ඇස් එකපාරටම නැවතුනෙ ජිමින් ඇදගෙන හිටිය ලෙදර් ජින්ස් එකෙන් පේන යටිකයෙ...ඒක හොදින් කැපී පෙනුනා..

"ප්‍රොෆෙසර් ජොන්...!! ඔයා මගෙ ඩික් එක දිහා ඔහොම බලාගෙන ඉන්නවට මම කැමති නෑ..."

ජිමින් තදින් කියනවත් එක්කම ඒ කටහඩින් හරි සිහියට ආපු ප්‍රොෆෙසර් ජිමින්ගෙ ඇස් දිහා බැලුවා..ඒවා කෙලින්ම තමන්ගෙ ඇස් වලට යොමු වෙලා තිබ්බා..

"ඔයා මට නවතින්න කිව්වෙ ඇයි ප්‍රොෆෙසර් ජොන්..."

ජිමින් අහනකොට ප්‍රොෆෙසර් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ජිමින් ළගට ඇවිදගෙන ආවා..හිතට අමුතු චකිතයක් දැනෙනවා උනත් ජිමින් තමන් හිටපු ඉරියව්වෙන් ම ප්‍රොෆෙසර්ගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන හිටියා..

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now