➪03

1.6K 358 77
                                    

දේශන ශාලාවෙ ඉදන් එළියට ආපු ජිමින් කෙලින්ම කැෆෙටේරියා එකට ආවා.. සෙල්ලක්කාර හිනාවකින් මූණ පුරවගෙන හිටිය එයා ටේහ්‍යුන්ග් වාඩි වෙලා හිටිය ටේබල් එක ළගට ඇවිදගෙන ආවා..ටේහ්‍යුන්ග් එක්ක ජෙනී වගේම රොසෙතුත් එතන වාඩි වෙලා හිටියා..

"හායි ගායිස්....."ජිමින් ටේබල් එකට ඇවිත් වාඩි වෙන ගමන් කිව්වා..

"ජිමිනා ඔයා වෙනදට වඩා හැපි මූඩ් එකකින් වගේ... මොකක්ද හේතුව..."

ජෙනී ජිමින්ගෙන් අහනකොට ටේත් නළල රැලි කරලා ඒ දිහා බැලුවා..

"මුකුත් හේතුවක් නෑ අනේ...."ජිමින් කියනකොට ජෙනී රොසෙ දෙන්නා මූණට මූණ බලාගෙන හිනා වුනා..

"ඇයි ප්‍රොෆෙසර් උබට නවතින්න කිව්වෙ.. මොකක්ද ප්‍රශ්නෙ..."ටේහ්‍යුන්ග් අහද්දි ජිමින්ගෙ කටකොනේ තිබ්බ හිනාව තවත් වැඩි උනා..

"ලෙක්චර් එක ගැන අහන්න...එහෙනම් මං බොන්න මොනා හරි අරගෙන එන්නම්..."
ජිමින් එතනින් මාරු උනේ ටේ ඊළගට අහන්න යන ප්‍රශ්න වැලට එයාට දෙන්න උත්තර නැති නිසා..

"උගෙ හිනාවෙ හැටියට නම් මොකක් හරි ලොකු දෙයක් සිද්ද වෙලා තියෙනවා වගේ...හහ්... බලාගෙන ඉමුකො...."

ටේහ්‍යුන්ග් ජෙනීටයී රොසෙටයි කියද්දි ඒ දෙන්නත් ඔලුව වැනුවෙ ජිමින් ගැන හොඳටම දන්න නිසා..ජිමින්ගෙ මූණෙ ඔය වගේ කුප්ප හිනාවක් තියෙන්නේ මොකක් හරි ඕන් නැති වැඩක් කරලා කියලා එයාලා දන්නවා..
.
.
.
අද ටේගෙන් ඉල්ලගෙන ආව නෝට් එක ලියමින් හිටිය ජිමින්ට එකපාරටම මතක් වුනේ ලෙක්චර් හෝල් එකේ සිද්ද වෙච්චි දේ..පෑනත් කටේ ගහගෙන එයා කල්පනා කරන්න ගත්තා..

"යාහ්...අයි ටච්ඩ් හිම්...ඒක...ඒක නම් ජැකීගෙ එකටත් වඩා ලොකුයි වගේ..දැන් නම් ඔයාට මගෙන් බේරෙන්න බැරි වෙයි ප්‍රොෆෙසර් ජොන්..ඔයාගෙ යටට ආවෙ නැත්තං මං පාක් ජිමින් නෙමෙයි...හහ්..."

උණුසුම් වෙලා තිබ්බ ප්‍රොෆෙසර් ජොන්ගෙ යටිකය මතක් කරන ගමන් ජිමින් එයාටම කියාගත්තා..

සම්පූර්ණ නෝට් එකම ලියලා ඇඳට ආපු ජිමින් ඇඳේ ඇල වුනේ ප්‍රොෆෙසර් ජොන්ව අල්ලගන්න කූඨ උපක්‍රමයක් හිතන ගමන්..
.
.
.
පහුවදා දවසෙ ජිමින් යුනිවර්ස්ටි යන්න ලෑස්ති වුනේ වෙනදටත් වඩා උද්යෝගයකින්..ප්‍රොෆෙසර්ව අල්ලගන්න ඕනෙ නිසා වෙනදටත් වඩා ලස්සනට එයා ලෑස්ති වෙලා යුනිවර්සිටි එකට ආවා..

ජිමින් එනවා දැකපු ටේහ්‍යුන්ග් ජිමින් දිහා දෙපාරක් උඩ ඉදන් යටටම බැලුවා..

"හේයි...ඇයි මේක අවුල්ද ඔහොම බලන්නේ..."

"නෝප්...මේක ඕනවට වැඩියි..උබේ ඇග හොඳටම පේනවා..මං දන්න තරමින් උබ ඔය විදිහට ඇඳගෙන යන්නෙ කාව හරි අල්ලගන්න ඕනෙ උනාම...සෝ මේපාර කවුද...?"

"හ්ම්ම්...ගෙස් කරහන්...."ජිමින් කට කොනේ හිනාවක් තියාගෙන කියද්දි ටේහ්‍යුන්ග් කල්පනා කරන්න ගත්තා..

"උබ මේකෙ ඉන්න හොට් කොල්ලො ඔක්කොම වගේ අල්ලගත්තනෙ...මේ පාර කාවද කියලා නම් මට හිතාගන්න බෑ...."

ටේහ්‍යුන්ග් නළලත් රැලි කරලා කියනකොට ජිමින් ටේහ්‍යුන්ගෙ කනට පාත් වෙලා රහසක් කෙදිරුවා..

"මොකා....!!!"

"හ්ම්...එයා තමයි..."

"ආ යූ සීරියස් ජිමිනා...අර ගල්ආදා වගේ ඉන්න ප්‍රොෆෙසර්කාරයවද උබ අල්ලගන්න යන්නෙ...උබට පිස්සු ද...?"

ටේහ්‍යුන්ග් ජිමින්ගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන ඇහුවා..එයා හොඳටම කන්ෆියුස් වෙලා..

"යාහ්... ඔහොම කෑගහන්න එපා ඕයි..."

ජිමින් කියනකොට ටේහ්‍යුන්ග් ජිමින් දිහා සීරියස් මූඩ් එකකින් බලාගෙන හිටියා..

"ඔහ් මයි ගෝඩ්...අන්න ප්‍රොෆෙසර් ජොන්..."ඒත් එක්කම එතනින් කෙල්ලෙක් කෑගහගෙන ගියපු නිසා ජිමින් ඒ දිහා හැරිලා බැලුවා.. ප්‍රොෆෙසර් පාකින් ලොට් එකේ කාර් එක පාක් කරලා යුනිවර්සිටි එක ඇතුලට ඇවිදගෙන එමින් තිබුනා..

ඒ මූණෙ නම් කිසිම හිනාවක් නෑ..

කාවවත්ම ගානකට නොගෙන ප්‍රොෆෙසර් එයාගෙ රූම් එක පැත්තට ඇවිදගෙන යන විදිහ ජිමිනුයි ටේහ්‍යුන්ග්නුයි බලාගෙන හිටියා..

"ජිමිනා...උබට හොඳටම ෂුවර් ද අල්ලගන්න පුලුවන් කියලා.."

"මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයිනේ ටේ...ඔයා වොරි වෙන්න එපා ඩාලිං... බලාගෙන ඉන්න..."

ටේගෙ මූණට තට්ටුවක් දාලා කිව්ව ජිමින් කැෆටේරියා එක පැත්තට ඇවිදගෙන ගියා..

"එහ් ටේ...උබ එන්නැද්ද...."

ගල්ගැහිලා වගේ බලාගෙන ඉන්න ටේට ජිමින් කතා කලාම එයා හරි සිහියට ආවා..එයත් ජිමින් එක්කම කැෆෙටේරියා එක පැත්තක යන්න ගියා..



_☀︎_

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now