➪04

1.6K 364 89
                                    

ප්‍රොෆෙසර් ජොන්ගෙ දේශනය නිමා වෙමින් තිබුනා..ගත වෙච්චි කාලය ඇතුලත ජිමින් ප්‍රොෆෙසර් දිහාම බලාගෙන හිටියත් ප්‍රොෆෙසර් තමන් දිහා එකපාරක්වත් බලපු නැති එක ගැන ජිමින් නම් හිටියෙ තරහකින්..

"ඇයි මේ ප්‍රොෆෙසර් මං දිහා බලන්නැත්තෙ...ඊයෙ අච්චර දෙයක් වෙලත්...ටේ කිව්ව විදිහට මෙයා නම් ගල්ආදෙක් ම තමයි....හුහ්...මාර කට්ටක් කන්න වෙයි වගේ මෙයාව අල්ලගන්න...."

ජිමින් ප්‍රොෆෙසර් ජොන් දිහා බලාගෙන පෑනත් කරකව කරකව කල්පනා කලා...

ජිමින් ලෙක්චර් එකේ නෝට් එක ලියන වෙලාවට ප්‍රොෆෙසර් ජොන් එයා දිහා හොරෙන් බලනවා කියලා ජිමන් දන්නවනම්...

තවත් විනාඩි දහයකින් දේශනය ඉවර වුනා..හැම ළමයෙක්ම දේශන ශාලාවෙන් පිට වෙලා ගියා..ඒ අතරෙ ටේහ්‍යුන්ග්,හිමින් සීරුවෙ තමන්ගෙ පොත් ටික බෑග් එක දාගන්න ජිමින්ට කතා කලා..

"උබ මාත් එක්කම එනවද... නැත්තං උබේ වැඩේ කරගෙන එනවද....?"

ටේහ්‍යුන්ග් ඇහුවෙ ඇස් කොනින් දේශන ශාලාවෙ ඉස්සරහම වාඩි වෙලා වැඩක් කරමින් හිටිය ප්‍රොෆෙසර්ව පෙන්නලා..

බෑග් එකට පොත් දාලා කට කොනේ හිනාවක් තියාගෙන ජිමින්ගෙ ටේහ්‍යුන්ග් දිහා බැලුවා..

"හ්ම්...උබ පලයන්...මං වැඩේ කරගෙන එන්නම්...."

ජිමින් තොලක් හපාගෙන ප්‍රොෆෙසර් ජොන් දිහා බලාගෙන කිව්වම ටේහ්‍යුන්ග් කටකොනින් හිනා වෙලා ජිමින්ගෙ පිටට තට්ටුවක් දාලා දේශන ශාලාවෙන් පිට වුනා..

ශාලාවෙ ඉතුරු වුනේ ජිමිනුත් ප්‍රොෆෙසර් ජොනුත් විතරයි..ජිමින් එයාගෙ බෑග් එකත් එල්ලගෙන ප්‍රොෆෙසර් ජොන් දිහාවට ඇවිදගෙන ආවා..

නිශ්ශබ්ද වෙලා තියෙන ශාලාව පුරා ජිමින්ගෙ සපත්තු හඬ පැතිරෙමින් තිබුනා..

තමන් මෙච්චර වෙලාවක් බලමින් හිටිය ෆයිල් එක වහලා දාලා ප්‍රොෆෙසර් ජොන් ජිමින් දිහාවට ඇස් අරගෙන ගියා..එයාගෙ ඇස් නතර උනේ ලතාවකට ඇවිදගෙන එන ජිමින්ගෙ සිහින් ඉණ ප්‍රදේශයෙත් ඊට පහල කලවා වලත්..

ප්‍රොෆෙසර් ජොන් තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා තේරෙද්දි ජිමින් තමන්ගෙ සැලසුම ක්‍රියාත්මක කලා..

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now