➪07

1.8K 321 90
                                    

ජිමින් වොෂ් කරගෙන කිචන් එක පැත්තට එද්දි ටේහ්‍යුන්ග් කප්කේක්ස් වගේකටයි ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකකටයි වැඩේ දෙන ගමන් හිටියේ..ජිමින් ඇවිත් ටේහ්‍යුන්ග් ළග වාඩි වෙලා කප්කේක් එකක් අතට ගන්න යද්දි ටේහ්‍යුන්ග් කකා හිටිය කප්කේක් එක කටේ හිර කරගෙන ජිමින්ගෙ අතට ගහලා කප්කේක් ප්ලේට් එක තමන් ළගට ගත්තා..

"මේඛ මඝෙ..උඹට ඕණ්ණම් මිශ් ෂෝරාඝෙන් ඉළ්ළඝණිම්......."

ටේහ්‍යුන්ග් කප්කේක් එකත් කටේ හිර කරගෙන මහප්‍රාණ ස්වරයකින් කියද්දි ජිමින් ටේහ්‍යුන්ගෙ ඔලුව ගැහුවා..

"ආආආව්......."

කප්කේක් එක කටේ නිසා ටේහ්‍යුන්ගෙන් සද්දෙ පිට වෙන්නෙත් නෑ..එයා ජිමින්ට රවලා අහක බලාගත්තා..

"ඉදකින් තෝ වගේ පෙරේතයෙක්...ඕක කාලා මට බඩ යයි...උබම කාපන්...හිකනලා...."

ජිමින් ටේට රවලා මිස් සෝරාට කතා කලා..ජිමින් එයාට කප්කේක් වගේම චොක්ලට් මිල්ක්ෂේක් එකක් ගේන්න කිව්වා..සෝරා හිනා වෙලා එතනින් යන්න ගියේ මේ ඉලන්දාරියො දෙන්නා කවදා පරිණත වෙයිද කියලා හිතන ගමන්..

මිස් සෝරා කප්කේක් කිහිපයකුයි චොක්ලට් මිල්ක්ෂේක් එකයි අරගෙන ඇවිත් ජිමින් ළගින් තියලා කිචන් ඒරියා එක පැත්තට යන්න ගියා..

"ඒ මේ... ප්‍රොෆෙසර් ලැංටිං හදිස්සියෙ ට්‍රාන්ස්ෆර් උනේ ඇයි දන්නෑ නේද..මොනාව උනත් එයා හොඳ මනුස්සයා..."

ටේහ්‍යුන්ග් කියද්දි ජිමින් හිමීට ඔලුව වැනුවා..

ප්‍රොෆෙසර් හන්,ටේහ්‍යුන්ගෙ වචනයෙන් කියනවනම් ප්‍රොෆෙසර් ලංටිං ටිකක් මැදිවයසෙ පුද්ගලයෙක් උනත් එයා සුහදශීලී ප්‍රොෆෙසර් කෙනෙක් උනා.. හැබැයි එයාගෙ දේශන නින්ද යන තරමට කම්මැලි වෙච්චි එක විතරයි අවුලකට තිබ්බෙ.. ප්‍රොෆෙසර් හන් යුනිවර්සිටි එකේ හිටියෙ තවත් අවුරුදු ගානක් සේවය සපයනවා වගේ හැගීමකින්..ඒත් එකපාරම ප්‍රොෆෙසර් හන් වෙනුවට තවත් ප්‍රොෆෙසර් කෙනෙක් ආව එක ටේහ්‍යුන්ග්ට වගේම ජිමින්ටත් ප්‍රශ්නයක් වෙලයි තිබ්බෙ.. හැබැයි ජිමින් නම් ඒ වෙච්චි දේට ගොඩක් කැමතියි.. අලුත් ප්‍රොෆෙසර් ජොන්ට..

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now