" ටේහ්‍යුන්ග්.. කොහෙද ජිමින්..එයා ආවෙ නැද්ද..?" තවත් පිරිමි ළමයි කිහිපදෙනෙක් එක්ක කතා කරමින් රෝස්ගෙ ගෙදර තුළට ආව ටේහ්‍යුන්ගෙන් රෝස් ඇහුවෙ බලාපොරොත්තු තියාගෙන.ජිමින් අද අනිවාර්යයෙන්ම තමන්ගෙ උපන්දින සාදයට ඒවි කියලා එයා හිතුවා..ඒත් ටේහ්‍යුන්ග් එක්ක ජිමින් හිටියෙ නැති නිසා රෝස්ගෙ මූණ මැලවිලා ගියා.
" ජිමිනා එළියෙ..උට කෝල් එකක් ආවා.." ටේහ්‍යුන්ග් කියනවත් එක්කම රෝස්ගෙ මූණ ආලෝකමත් වුනා.
" ඔහ්..හරි ටේහ්‍යුන්ග්.."
රෝස් එයාගෙ උපන්දින සාදයට ආව යාලුවො එක්ක හිනා වෙන ගමන් ඉක්මනින් ගෙදරින් එළියට ආවෙ ජිමින් කොහෙද කියලා බලන්න..එළියෙත් සමහර තැන්වල ජෝඩු කතා කරමින් හිටිය දිහා බලපු රෝස්ට ගෙවත්තෙ තිබුණ පොකුණ ළග එහාට මෙහාට ඇවිදින ගමන් කෝල් එකක ඉන්න ජිමින්ව දැක්කම හදවත පවා වේගෙන් ගැහෙන්න පටන් ගත්තා..
ජිමින් ළගට ආව රෝස් ජිමින්ගෙ කෝල් එක ඉවර වෙනකම් බලාගෙන හිටියෙ අතේ ඇඟිලි එකින් එක පටලනගමන්.
" ඕහ් රෝස්...මං බය වුනා..." ජිමින් ගේ ඇතුලට යන්න හැරෙනවත් එක්කම තමන්ගෙ ඉස්සරහා හිටගෙන හිටිය රෝස්ව දැකලා පපුවත් අල්ලගෙන කිව්වා.
" සොරි..."
" අහ් ඉට්ස් ඕකේ..ඇයි ඔයා මෙතන..පාටි එක ඇතුලෙ නේද..?" ජිමින් වටපිට බලන ගමන් කිව්වා.
" ඔව්..මං ඔයාව එක්කගෙන යන්න ආවෙ..." රෝස් කියද්දි ජිමින් ලාවට හිනා වෙලා එයාගෙම බෙල්ල පිටිපස්ස අතගන්න ගත්තා.එයා ටිකක් කලබලවෙලා වගේ රෝස්ගෙ හැසිරීමට..
" යූ ලුක් ප්‍රිටී..." රෝස් ඇදගෙන හිටිය දිලිසෙන කලුපාට ඇඳුම දිහා හොඳට බලන ගමන් ජිමින් කිව්වා..
YOU ARE READING
Professor Jeon | Jikook | On Hold
Short Storyවිශ්වවිද්‍යාලය සිසුවෙක් වන පාක් ජිමින් තමන්ගෙ අලුත් මහාචාර්යවරයා සමඟ සෙල්ලක්කාරකමට රාගික ඇසුරක් පැවැත්වුවත් අවසානයෙ එය ආදරෙන් කෙලවර වුවහොත්..? Top - JK Bottom - JM Smut Warning..!!!🚫 Don't copy my story 🚫 BDSM may be included🚫 Story by : @A...