➪24

1.3K 246 81
                                    

ජන්ග්කුක් එයාගෙ අතේ තිබ්බ වයින් එක ටිකෙන් ටික හිස් කරන්න ගත්තෙ ඇස් පියාගෙන.වයින් බිඳුවක් ගානෙ දැනෙන තමන්ම මත් කරවන රස විදිමින් ජන්ග්කුක් ගරාදි වැටට හේත්තු වෙලා උන්නෙ වෙහෙසකර බවත්, පාළු බවත් එයාව සම්පූර්ණ වෙලා ගනිද්දි.

තවත් විනාඩි දහයකට විතර පස්සෙ නිදන කාමරයෙන් ඉවතට ආව ජන්ග්කුක් වැඩ කරන කාමරේට යන්න ගියත් ගෙදර බෙල් එක වදිද්දි එයා ඒ දෙසට යන්න වුනේ මහ රෑ ආවෙ කවුද කියලා හිතාගන්න බැරුව.

" ආහ්..ආවද මිස්ටර් ප්‍රොෆෙසර්.." ජන්ග්කුක් දොර අරිනකොටම වගේ දොරට හේත්තු වෙලා හිටිය ජිමින් එහෙම ඇහුවා.ජන්ග්කුක් පුදුම උනත් ඇහිබැමක් ඔසවගෙන සීතල පෙනුම ආරූඪ කරගත්තා.

" තමුන්...මහ රෑ මගෙ ගෙදර මොනාද කරන්නේ? "

" හහ්! ඕක මම නෙවෙයි අහන්න ඕනෙ මිස්ටර් ප්‍රොෆෙසර්...ඔයයි රැයක් දවාලක් නැතුව මගෙ හිතේ ඉන්නෙ...මං....මං ආවේ ආයෙ මගෙ හිතට ආවොත් මම නරක මිනිහයි කියලා ඔයාට මතක් කරලා යන්න...

මේ පාක් ජිමින් කියන්නේ හොඳ මිනිහෙක් නෙවෙයි...මේ දැන්ම ඔයා මගෙ හිතෙන් එළියට එන්න ඕනෙ.. එච්චරයි..."

" වට්...? " ජන්ග්කුක් කියලා ඉවර වෙද්දිම ජිමින් ජන්ග්කුක්ගෙ ඇඟට කඩාගෙන වැටුණා.ජන්ග්කුක් එහෙම්මම ජිමින්ව අල්ලගත්තත් ජිමින් මගින් ආව සැර ඇල්කොහොල් ගඳට ජිමින් නැතිවෙන්නම බීලා කියලා එයාට තේරුනා..

" හහ්! එහාට යනවා...මාව අල්ලන්න එපා.. එකපාරක් කිව්වනෙ..." ජිමින් ජන්ග්කුක්ගෙ අත් වලට ගහලා ආයෙමත් කෙලින් උනා..

ජන්ග්කුක් ස්වෙට් පැන්ට් එකේ සාක්කු වලට අත් දෙක දාගෙන ජිමින් දිහා බලාගෙන හිටියේ මේ මොන නාගඩමක්ද වගේ බැල්මකින්.

" කන්න වගේ බලාගෙන ඉන්නේ මොකටද ආ...

මම කිව්ව එක කරන්න ප්‍රොෆෙසර්.. මගෙ හිතින් එළියට එන්න..ඔයා මහ කරදරයක්..."

ජිමින් ජන්ග්කුක්ගෙ පපුවට ඒ ගමන ගහන්න ගත්තෙ අඩන ගමන්..

ටිකකින් ජිමින් දගලන එක නතර කරහම ජන්ග්කුක් එහෙම්මම පස්සට වෙන්න හැදුවත් ජිමින් ජන්ග්කුක්ගෙ පපුව පස්සට යන විදිහට ඉස්සහට වැටෙන්න ගිය නිසා ජන්ග්කුක් ඉක්මනින් එයාව අල්ලගත්තා.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 17, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now