➪20

1.1K 293 99
                                    

" පැටියෝ.. ඉතිං ඔයා සප්‍රයිස් උනාද..?"

සෝෆාවෙන් නැගිට්ට පුද්ගලයා ජිමින් දිහාම බලාගෙන කියද්දි ජිමින් තවත් ඇස් දෙක ලොකු කරගත්තා.ඊළග මොහොතේ එයා තමන් දිහාවට අත් දික් කරගෙන ඉන්න මැදි වියේ පිරිමියා ළගට ගිහින් බදාගත්තා.

" තාත්තා ඔයා හරිම නරකයි..එනවා කියලා මට නිකමටවත් කිව්වෙ නෑ.."

උණුසුම් වැලඳගැනීමකට පස්සේ ජිමින් එයාගෙ තාත්තට හුරතල් කටහඬකින් කිව්වා.ජිමින් එයාගෙ තාත්තව දකින්නෙ මාස ගානකට පස්සේ.ව්‍යාපාර කටයුතු නිසා මීට මාස දෙකකට කලින් කැනඩාවට ගියාට පස්සේ ජිමින් එයාගෙ තාත්තව ඇස් දෙකට දැක්කෙ අද.සතියකට දවස් දෙක තුනක් කතා කරලා විස්තර ඇහුවා උනත් තමන්ට නොකියම තාත්තා කොරියාවට ආවම ජිමින් අද දවසෙ ලබන්න පුළුවන් ලොකුම පුදුම වීමත් වින්දා..

" මිස් සෝරා බලන්නකො අනේ..ඔයාටවත් කිව්වද මෙයා කොරියාවට එනවා කියලා.." ජිමින් සාලෙ කොනකට වෙලා තමන් දිහයි තාත්තා දිහායි බලාගෙන ඉන්න සෝරාගෙන් ඇහුවම සෝරා ඔලුව උඩ පළල යැව්වා..

" යාහ්..!! එතකොට මම විතරද නොදන්නෙ..ඔයා හරිම නරකයි..." ජිමින් රවාගත්තා.

" ඔයාට කිව්වා නම් ඔයා සප්‍රයිස් වෙන්නෑනෙ පුතා.." තාත්තා ජිමින්ගෙ ඔලුව අතගාන ගමන් කියද්දි ජිමින් රවාගත්තා..

" මගෙ කොල්ලා චුට්ටක් උස ගිහින් වගේ..මටත් වඩා උසයි ද මංදා.." මිස්ටර් පාක් ජිමින්ගෙ උරහිසට අත තියලා ජිමින්ගෙ උස ගැන ඇඟයීමක් කරද්දී ජිමින් ඒ දිහා හොරෙන් බැලුවා..

" හ්ම්..මට මොනාද ගෙනාවෙ ඔයා..?" ජිමින් තරහා මූණ වෙනුවට තාත්තගෙ හුරතල් පුතාගෙ චරිතෙට මාරු වෙලා අහද්දි මිස්ටර් පාක් එහායින් තිබුණ ලගේජ් වගයක් පෙන්නුවා..

" මොනාද තියෙන්නේ..?" ජිමින් ඇහුවා..

" ගිහිං බලන්නකො.." මිස්ටර් පාක් කියනකොට ජිමින් ලගේජ් එකක් ළගට ඇවිත් ඒක ඇරලා බැලුවා.එක එක වර්ග වල චොක්ලට් වලින් ලගේජ් එකම පිරිලා තියෙන විදිහ බලපු ජිමින් ආයෙමත් තාත්තා දිහා බැලුවා..

" මේවද..?" ජිමින් අහද්දි තාත්තා ඔලුව දෙපැත්තට වැනුවා..

ජිමින් ආයෙමත් ලගේජ් එක දිහා අවධානයෙන් බලද්දි රැප් කරලා තියෙන පෙට්ටියක් ඇස් වල ගැටුන නිසා ඒක අතට ගත්තා.ජිමින් ඒ පෙට්ටිය ලිහලා බලද්දි ජිමින්ගෙ ඇස් ඊළග මොහොතේ කටට ආවෙ ඒකෙ තිබුණ දේ දැකලා..

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now