ඇත්තටම මේ අවුරුදු තුනේ ම මන් කරේ සෙකට්‍රි ජොබ් එකට අමතරව ඔප්පලාට සිංහල උගන්නපු එක..දැන් එයාලට හොදටම බැරි උනත් චුට්ට චුට්ට සිංහල කතා කරන්න පුලුවන්...හැබැයි බර බර වචන බෑ...ජූන් ඔප්පා නම් ඉක්මනට සිංහල වචන අල්ල ගත්තාට මට සිංහල කියලා දෙන්න අමාරුම උනේ කුක්කාට...ඕකා ශානුගෙන් බැනුම් අහ අහා සිංහල ඉගෙන ගත්තේ...පොතට පතට මහ කම්මැලියෙක්..එයාලට සිංහල කියවන්න බැරි උනාට තේරුම් ගන්න පොඩ්ඩ පොඩ්ඩ කතා කරන්න පුලුවන්..

මාත් එක්ක වැඩිපුරම ඉන්නේ දෝනි නිසා එයාට නම් හොදට සිංහල කතා කරන්න පුලුවන්..දෝනිට මන් ලියන්න කියවන්නත් පුරුදු කරා..එයා නම් දැන් කොරියන් වලට වඩා සිංහලෙන් තමයි කතා කරන්නේ...මගේ චූටි කෙල්ල දැන් අවුරුදු නවයක ලොකු කෙල්ලෙක්...මට සතුටුයි එයා ගැන...එයා ලොකු වෙනකොට තනිකරම ඔප්පා වගෙ...එයාට තියෙන්නේ ඔප්පාගේ බොක්සි හිනාව...නායොන්ග් ඔන්නිගෙ ඇස්...හැදියාව නම් තනිකරම මගේ...මාත් එක්ක එක එක කුපාඩි වැඩ කරන්න දෝනි හෙන ආසයි...ඔප්පා හැම වෙලේම කියන දෙයක් තමයි..

" අම්මායි දූයි දෙන්නම එකයි..."

දවසට එකපාරක් හරි ඒ වචනේ එය කිව්වේ නැත්තන් අපි දෙන්නාටම නින්ද යන්නේ නෑ වගේ..දෝනියි මායි අම්මායි දූයි ඉන්නවාට වඩා යාලුවො වගේ ඉන්නේ...මුල් කාලේ දෝනි කවුද කියලා ඔක්කොම දැන ගත්ත නිසා කෙල්ලට ඉස්කෝලේවත් නිදහසේ ඉන්න හම්බුනේ නෑ..ඒ නිසාම කෙල්ල එයාගේ අනන්‍යතාවය හංගගෙන තමයි දැන් නම් ඉන්නේ...

👶 අම්මියෝ....ඔයාගේ සාරි එක බලන්න සීයා අප්පාච්චි එන්න කිව්වා...

ඔයාලට කියන්න මගේ වෙඩින්ග් පොජ්ජ ගන්නේ ලංකාවේ...ඒකත් සාරියක් පටලවගෙන...අපේ අප්පච්චිට ඉන්නේ එක දුවයි කියලා වෙඩින්ග් එක එයාලගේ ක්‍රමේට ගන්න ඕන කිව්වා..මගේ වෙන්ඩ හබියත් වෙනසකටත් එක්ක කියල පැනලා හා කිව්වා...මන් ලංකාවේ වෙඩින්ග් අරන් මගෙ මනුස්සයාව කාටවත් පෙන්නන්න බෑම කියලා අඩපු නිසා ලංකාවේ වෙඩින්ග් එක අපේ පවුල් දෙකේ අයයි ලගම යාලුවොයි එක්ක විතරක් පොඩියට  අරගෙන පස්සේ කොරියාවේ මීඩියාස් වලට කියලා වෙනම ගමු කිව්වා....අපරාදේ සල්ලි...ඕක මීඩීයා එකට කියන්නම ඕනද මන් අහන්නේ...එක අතකට මට මොකෝ...මගේ සල්ලි නෙමෙයිනේ..අප්පාච්චිගේයි ඔප්පාගේයි බ්ලැක් කාර්ඩ් වලට කරන්න දෙයක් තියෙන්නත් එපැයි..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now