කඳුළැලි - 46

Mulai dari awal
                                    

හේ තරුණ නීතිඥයෙකු වූ අතර මටත් වඩා වයසින් අඩු පෙනුමකින් යුතු විය. මම ඔහුට සිනහවකින් සංග්‍රහ කොට මේසයේ ඉදිරිපස පුටුවෙන් හිඳගත්තෙමි.

'මිනිරු අයියේ.' ඔහු මගේ නමින් ඇමතූ විට මම තිගැස්සී ඔහු දෙස බැලුවෙමි.

නීතීඥයා සිනාසුණේය. 'මාව මතක නැද්ද?'

මම හිස දෙපසට වැනුවේ සැබැවින්ම මට ඔහුව හඳුනා ගැනීමට නොහැකි වූ බැවිනි.

'ලිතුම්. ඇමති පෙරේරාගේ පුතා.'

මගේ සිතේ සැඟවී තිබූ කෝපය නැවතත් බුර බුරා නැගෙද්දී මම පුටුවේ කොණක් අතින් මිරිකා ගත්තෙමි. ඔහු මෙහන්සාගේ කකුල මතින් අත ගෙන ගිය ආකාරය වසරක අටක් ගතව තිබුණත් මට තවමත් මතකය.

'වෙච්ච දේවල් හැමදේකටම සමාවෙන්න කියලා ඉල්ලන්න ඕන අයියේ අනිත් දේවල් පටන් ගන්න කලින්. මම ළමයෙක් වෙලා හිටපු කාලේ කරපු දේවල් ගැන මම දැන් පසුතැවෙනවා. මෙහන්සාට රිද්දපු දේවල් ගැන මම තාම පසුතැවෙනවා. ඊළඟට යෙහෙනිට කියපු දේවල් ගැනත්.'

'ඒවා දැන් අමතක කරන්න.' මම මෘදු හඬකින් පවසා සිටියෙමි. මට ඔහුට සමාව දීමට අවැසි වූයේ නැත. නමුත් දැන් සිදු වූ සියල්ල සිදුවී අවසානය.

'ඇහුවට ප්‍රශ්නයක් නැත්තම් අයියේ... දැන් යෙහෙනි මොකද කරන්නේ?'

මම ඔහු දෙස නොබලාම පිළිතුරු දුන්නෙමි. 'එයා මගේ වයිෆ්.'

'ඔහ්.' ලිතුම්ගේ මුවින් පිටවූයේ එපමණකි. මම මේසයට අතින් තට්ටු කොට ඔහුට හිඳ ගන්නා ලෙසට සංඥා කළෙමි.

ඉන්පසුව අපි දෙදෙනාගෙන් කිසිවෙකුත් මෙහන්සා, යෙහෙනි හෝ ශනල්ක ගැන කතා නොකළෙමු. රාජකාරී වැඩ අවසාන වූ පසු ඔහු මට අතට අත දී ආචාර කර නැවතත් ‌මගෙන් සමාව ඉල්ලා සිටියේය. මම අපහසුවෙන් ඔහුට සිනහවක් මවා පෑවෙමි.

සවස් කාලයේ නැවතත් නිවසට යෑමට පෙර මම කාර්යාලය වටා තිබූ භූමියේ ඇවිදින්නට වූයේ සිතේ තිබූ අපහැදිළි හැඟීම් මදක් මග හරවා ගැනීමටයි. කාර්යාලයේ පසුපස තිබූ ගස් වලින් පිරී තිබූ කොටස ගිය මම එතැන බිම හිඳගත්තේ මගේ රාජකාරී ඇඳුමේ මඩ ගෑවී අපිරිසිදු වන බව අමතක කොටයි. අවට වාතය උණුසුම් වූ අතර මට දැනුණේ දැඩි අපහසුවකි. නමුත් මට නිවසට යෑමටද අවැසි නොවිණි. යෙහෙනිව දැකීමෙන් මට ඇති වන්නේ වේදනාව පමණක් බව මම දැන සිටියෙමි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Tempat cerita menjadi hidup. Temukan sekarang