කඳුළැලි - 46

Start from the beginning
                                    

ඇගේ දෙකොපුල් මත තද රතු පැහැ දත් පහරවල් සලකුණු වී තිබුණු අතර උරහිස් මත වූ කැළැල් වලින් රුධිරය ගලා විත් ගල්වී තිබිණි. මගේ සිත වරදකාරී බැල්මකින් පිරී යද්දී මම ඇය දෙස බලා සිටියේ සිදු වූ වරදට සමාව ගැනීමේ අරමුණින් යුතුවයි. නමුත් යෙහෙනි නම් ඒ සඳහා සූදානමකින් සිටි බවක් පළ කළේ නැත. චොකලට් කෝප්පය පානය කිරීම අවසාන වූ පසු ඇය නැවතත් ඇඳ මතින් වැතිරී ‌පොරවනයෙන් මුළු සිරුරම වසා ගත්තාය. මම තවත් විනාඩි කිහිපයක් ඇය දෙස බලා එතැනට වී සිටියේ ඇය කුමක් හෝ පවසාවි යන සිතිවිල්ල කැටි කොටගෙනයි. අවසානයේ මගේ උත්සාහය අතහැරි මම නැවතත් මුළුතැන්ගෙයට ගොස් උදෑසන ආහාරය පිසීමට අවශ්‍ය දේ සූදානම් කළෙමි. ඒ අතරේම නැවතත් මට සිහි වූයේ යෙහෙනිට ස්නානය කිරීමට අවශ්‍ය දෑ සූදානම් කර දුන්නා නම් ඇයට පහසුවක් වේ නේද යන්නයි. මම යෙහෙනිගේ කාමරයට ගොස් ඇගේ අල්මාරියෙන් සැහැල්ලු ඇඳුම් කිහිපයක් තෝරා ඇද ගත්තෙමි. යෙහෙනි මේ වනතෙක් වැතිරී සිටියේ මගේ කාමරයේ ඇඳ මතයි. නැවතත් ඇය අසලට ගිය මම ඇඳුම් සහ තුවාය ඇය අසලින් තබා උගුර පාදා එතැනින් පිටව ආවෙමි. ඉන් මද වේලාවකට පසුව මට ඇසුණේ මගේ කාමරයේ නාන කාමරයෙන් ඇය ස්නානය කරන ශබ්දයයි. මගේ සිතට යම් සහනයක් දැනුණේ ඒ හඬ ඇසීමෙන් පසුවයි. සති කිහිපයක් පුරාවට මම රැකියාව සඳහා පිටව ගොස් නොතිබූ අතර අද ඒ සඳහාද පිටව යා යුතු යැයි මට හැඟුණේ ‌යෙහෙනිට තනිව කාලය ගත කිරීමට අවකාශය ලබා දීම හොඳ වේ යැයි මට සිතුණු නිසායි.

උදෑසන ආහාරය සඳහා බත් සමගින් එළවළු වර්ග දෙකක් සූදානම් කළ මම ඉන්පසුව සූදානම් වී රැකියාව සඳහා පැමිණියෙමි. මම සති කිහිපයකින් නොපැමිණි නිසා වැඩ සියල්ල අවුල් ජාලයක්ව තිබූ ආකාරය මට දැකිය හැකි විය. තරංග ඔහුට හැකි ආකාරයෙන් සියල්ල පාලනය කර තිබූ මුත් මට මුලක සිට නැවත සියල්ල ගොඩ නගා ගැනීමට සිදුව තිබිණි. මගේ ආයතනයේ වැඩ කටයුතු බාරව සිටි නීතිඥයා අසනීපව සිටි බැවින් ඔහු යටතේ වැඩ කරමින් සිටි තරුණ නීතිඥයෙකු අද දින මා හමුවට පැමිණේවි යන්න මට දැනුම් දුන් තරංග ඒ සඳහා අවැසි වූ ලිපි ගොනු සමගින් රැස්වීම් කාමරය සූදානම් කරන්නට විය. දහවල් දොළහා පමණ විට මට නීතිඥයා පැමිණි බවට ආරංචිය ලැබිණි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now