Chapter 04

401 110 6
                                    

Chapter 04

"වාව් ඉට්ස් අ බියූටිෆුල් මෝර්නින්."

ජන්ග්කුක් වෙනදටත් වඩා උදේම ඇහැරිලා රෙඩි වුනේ ඉන්ටර්වීව් එකට යන්න. එක එක ඇදුම් ඇදල ඇදලා අන්තිම⁣ට එයාට ලස්සනම බ්ලැක් කලර් ශර්ට් එකයි, පෑන්ට් එකයි ඒකටම මැච් වෙන්න රතු පාට බ්ලෙසර් එකයි අැදගෙන පහලට ආවා.

"වාව් මගේ කුකී ප්‍රින්ස් කෙනෙක් වගේ."

"ලැජ්ජා කරන්නෙපා අම්මේ"

"ඇයි දැන් ලැජ්ජා වෙන්නේ. මේ බලන්න කුකී. ඉන්ටර්වීව් එකට හොදට ෆේස් කරන්න ඕනි. අහන ප්‍රශ්න වලට බය නැතුව උත්තර දෙන්න. එයාලා ඔයාගේ පොටොසුත් ගනි. හොදම පෝසස් වලට ඉන්න. ......"

"හරී අම්මේ. අම්මා කිව්ව විදියටම කරන්නම් මම."

අම්මගේ උපදෙසුත් ගන්න ගමන් ජන්ග්කුක් කෑම ගන්න පටන් ගත්තා. ජන්ග්කුක් වගේම අම්මත් හොදටම එක්සයිට් වෙලා හිටියේ. කෑම කලා ඉවර වෙලා ජන්ග්කුක් ගෙදරින් පිටත් වුනා. ඉන්ටර්වීව් එකට වෙලාව තිබුණේ 10 30ට වුනත් එයාලට උදේ 8 වෙද්දි කම්පැනි එකට එන්න කියල තිබුණේ පොටෝ ශූට්ස් තිබුණ නිසා. ටැක්සි එකක් කතා කරගෙන ජන්ග්කුක් KJ කම්පැනි එකට එන්න පිටත් වුනා.

At kimtaehyung mansion

"ජිිමනා මම තව ටිකකින් යනවා. ඔයා ඔක්කොම ටික ලෑස්ති කර ගන්න. රෙස්ට් කරන්න හොදද."

"හරී ටේයා. අද ටිකක් ස්ට්‍රෙස් දවසක් වෙයි. ඉන්ටර්වීව් එකට 15ක් එනවා. ඒ ඔක්කොම ඉන්ටර්වීව් කරනකන් ඔයාට ඉන්නත් වෙනවානේ."

"කරන්න දෙයක් නෑ. වැඩ ඔක්කොම එක ගොඩේනේ වැටුනේ. අනික JJ කම්පැනි එක එක්ක අපි සම්බන්ධ වෙන්නම ඕනි. එක අතකට අවුලක් නෑ මෙතනින්ම ෆයිනල් ලිස්ට් එක තෝර ගන්නවා. එතකොට ආයේ දවසක් කැප කරන්න ඕනි නෑනේ ඒ වෙනුවෙන්."

"ඔව් ඒකත් ඇත්ත තමයි. ලොකුවට ඔලුවට බරක් කරගන්නෙපා. රිලැක්ස් එකේ ඉන්න ටේයා"

"ජිමිනා බයයි නේද මම ඔයා නැති වෙලාවක තනියම ප්ලේ කරයි කියලා. බය වෙන්නෙපා මම ඔයා එනකන් ඉන්නම්."

"හාකෝ"

"හරි හරි ජිමිනා මම යනවා."

ඇත්තටම ටේහ්‍යුන්ග් ස්ට්‍රෙස් වෙනවට ජිමින් කැමති නෑ. එයා හැමදාම බැලුවේ ටේහ්‍යුන්ග් ව රිලැක්ස් එකේ තියන්න. අද ටේහ්‍යුන්ග්ට ගොඩක් ස්ට්‍රෙස් වෙන දවසක් කියලා ජිමින් දැනගෙන හිටියා. මොකද ටේහ්‍යුන්ග් ඩිරෙක්ටර් බෝඩ් එකෙන් ෆයිනල් කරන ඒවා චෙක් කරත් කම්පැනි එකේ හැම වැඩක්ම වෙන විදිය බැලුවත් මේ වගේ ඔවර් වර්ක් කරනවා ගොඩක්ම අඩුයි. අද එයාට එයාගේ වැඩ වල⁣ට අමතර වැඩත් කරන්න වෙලා. එහෙම වෙන දවසට ටේහ්‍යුන්ග්ගේ හැසිරීම් හොදටම දන්න නිසා ජිමින් ගොඩක් අවුල් වෙලා හිටියේ. එයා රෑ පුරාම ඇහුවෙත් නිවාඩු ඕනි නෑ වැඩට එන්නද කියලා. ඒත් ටේහ්‍යුන්ග් ට පැරිස් ටුවර් එකේ කිසිම අඩුවක් නොවී වෙන්න ඕනි නිසා ජිමින්ට එදා ගෙදර ඉන්න කිව්වා. ටේහ්‍යුන්ග් ඔෆිස් එකට ඇවිත් ඇසිස්ටන් මැනේජර්ට කතා කරේ ඉන්ටර්වීව් එකේ වැඩ ගැන දැන ගන්න.

He's not a Human Anymore ☑Where stories live. Discover now