🐨 ටේහ්‍යුන්ගේ තත්ත්වේ කොහොමද ඩොක්ටර් ??

💊 මට සමාවෙන්න නම්ජුන්ශි...හිටියටත් වඩා ටේහ්‍යුන්ශි දුර්වල වෙලා...ටේහ්‍යුන්ශිගේ ඇග හොදටම දුර්වලයි...එයා මෙහෙම කෑම ප්‍රතික්ෂේප කරොත් එයාගේ තත්ත්වේ තවත් බරපතල වෙයි..හිටියට වඩා ටේහ්‍යුන්ශි දැන් ටිකක් ප්‍රතිචාර දක්වන නිසා බය වෙන්න එපා...ඔයාලා පුලුවන් තරම් එයා එක්ක කතා කරන්න...එයාව තනි කරන්න එපා...එයා ආස දේවල් කරන්න...එයාව හිනස්සන්න පුලුවන් දේවල් කරන්න..එයා කැමති දේ වගේම අකමැති දේවල් කරලා බලන්න..

🐥 ඒ කිව්වේ ??

💊 ටේහ්‍යුන්ශි අකමැති දෙයක් මන් කිව්වේ එයාගේ බබා සම්බන්දයෙන් අකමැති දෙයක් කරල බලන්න..සමහරවිට එයාට කේන්ති යන්න පුලුවන්..මොකක්ම හරි ප්‍රතිචාරයක් එයා දක්වයි එතකොට..ඔයාලා දන්නවානේ අපි කැමති දෙයක් කරනවට වඩා අකමැති දෙයක් කරනකොට අපේ ශරීරය උනත් පාලනයක් නැතුව යනවා..ඒ නිසා ඒකත් උත්සාහ කරලා බලන්න...

🐱 ඒ ක්‍රමේ හරියයිද ඩොක්ටර් ??

💊 හරියන්න හරි වරදින්න හරි උත්සාහ කරලා බලන්න යූන්ගිශි....ඔයාලා කියන හැමදෙයක්ම එයා අහගෙන ඉන්නේ..ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා...උත්සාහය අතාරින්න එපා..මන් ආයි අනිද්දාට එන්නම්..මේ බෙහෙත් ටික එයාට දෙන්න...ආහ් තව දෙයක් එක පාරක් හරි මිස් නාදියාව බලන්න එයාව එක්කන් යන්න..මට හිතෙනවා ඒක ඒ දෙන්නාටම හොද වෙයි කියලා..ඇරත් මිස්ටර් සූරිබන්ඩාර මිස් නාදියාව ඇමරිකා අරන් යන්න ඉන්නේ...ඉක්මන් කරන්න ඒ නිසා..

🦄 ඒත් කොහොමද ?? එයා කාමරෙන් එලියටවත් එන්නේ නෑ..

💊 මන් හිතන්නේ ඒක ජන්ග්මි බබාට පුලුවන් වෙයි..

ඩොක්ටර් හොබිගේ පිටට තට්ටුවක් එක්ක පුංචි හිනාවක් දාල පීඩි එක්ක එලියට ගියා..හැමෝම වැටිච්ච වැටිච්ච තැන්වලින් වාඩි උනේ එයාලගේ හිතේ තියන පුංචි බලාපොරොත්තුවක් හරි ඉතුරු කරගන්න උත්සාහ කරගන්න ගමන්..

🐰 ම..මන් හ්‍යුන්ගීව බලලා එන්නම්..

ජන්ග්කුක් එහෙම්ම නැගිටලා ගියේ ටේහ්‍යුන්ගේ කාමරේට...ජන්ග්කුක් ගියාට පස්සේ ජන්ග්මිට කරන්න ඕන හැම දෙයක් ගැනම කට්‍ටියම එකතු වෙලා කිව්වා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now