P𝚊𝚛𝚝 0️⃣9️⃣

Start from the beginning
                                    

" ම්.....! උඹේ රිපෝට් ඇවිත් ....
මෙකේ විදියටනම් කිසි අවුලක් නැ ජනා.."





" සමහර විට මං මහන්සි වෙන නිසා වෙන්න ඇති අභියා ....
උඹ අර පේෂන්ගේ රිපෝට් එක හැදුවද කොල්ලෝ ? "






" මං එක් හදලා ඔෆිස් එකෙන් තිබ්බා ජනා,
යනින් ගමන් ඒක ටිකක් බලල සයින් කරහන් ''






" තෑන්ක්ස් අභියා "





" අනේ මේ වරෙම් යන්න,
දැන් හවස් වෙලා........
ගෙදර ගිහින් තව ටිකක් රෙස්ට් කරහන් "




" හ්ම්.."


ජානුල්‍ය අභින්සට සමු දී කාර්‍යාලයට ගියේ,
පිළියෙල කරන ලද වෛද්‍ය වාර්ථාව පරික්ෂා කිරිම සදහායි...

නාද වන තම ජංගම දුරකථනය නිසා පරික්ෂා කරමින් සිටි වෛද්‍යවාර්ථාව පසකට දැමු ඔහු ඇමතුම හා සම්බන්ධ විය.

" අකී..? "

..................

" ම්..??? තව ටිකකින් ඔෆ් වෙනවා අකීල්..
ඇයි මොකුත් ප්‍රශ්නයක් ද ? "




.....................





" ආහ්.........හරි එහෙනම් ඔයා එන්නකෝ "

ඇමතුමට සමුදුන් ජානුල්‍ය තම කාර්‍යා අවසන් කර රොහලෙන් පිටවුනේ ඔහු කී තැනටයි..

ඔහුගේ යතුරුපැදිය තිබුනත් එහු එතන නොසිටි බැවින්, ජානුල්‍යගේ දෑස් වෙහෙසුනේ ඔහු සොයායි.

ඔහු ඇතැම් විට තම වාහනය පරික්ෂා කරන්න ගොස් එනගමන් විය හැක,
මංද ඔහු ඇමතුම දුන්නේ ......
වාහනය තවමත් නිමකර නැති නිසා ඔහු හා යමු කියන්නය..
ඒ වෙද්දිත් ඔහු සිටින්න ඇත්තේ එතන වන්නට ඇත.

පේන මානයක ඔහු නොමැති වු විට ජානුල්‍යගේ දෑස් නැවතුණේ ඔහු අසල ඇති තෙවාන්ගේ යතුරුපැදියේ,
තම දෑගිලි යතුරුපැදියේ එහෙමෙහෙ යද්දී ,
ජානුල්‍ය ගැස්සුනේ සවන් අසලින්ම නැඟුණු හඬ නිසයි.


" මොකෝ දොස්තර මහත්තයා ට බයික් පදින්න ආස හිතිලාවත්ද ම්ම්...?
ආසයිනම් පුරුදු වෙන්නත් එක්ක පදිමු ද..? "






" සමහරක් දේවල් තියනවා අකී..,
අපි ආස වුනත් හැමෝගෙම හොදටම පුරැදු අත්හරින්, ඈත් කරන්න වෙන "




🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now