🐨 ටේයා..උබට මේ කුකි නාදියා අස්සේ රිංගගෙන ඉන්නකොට ඉරිසියා නැද්ද ??

නම්ජුන් ඔප්පාත් හති අරින ගමන් ටේ ඔප්පාගෙන් අහනකොට හැමෝම වගේ ටේ ඔප්පා දිහා බැලුවේ එයාගේ උත්තරේ බලාපොරොත්තුවෙන් වගේ..

🐯 ඉරිසියා නැද්ද ?? වාහ්...

ඔප්පා එහෙම කියාගෙනම මගේ ඔඩොක්කුවෙන් නැගිටලා කුක්කා දිහා බලලා රැව්වා..මන් දන්නවා දැන් නම් කුක්කා ඉවරයි කියලා..

🐯 හ්‍යුන්ග් දන්නවාද මට මේ වගේ වෙලේට කරන්න හිතෙන්නේ මොනවාද කියලා..මේ හා තඩියව කෑලිවලට කපලා කපලා කෑල්ල කෑල්ල තම්බලා බැදලා ටැනියාට කන්න දන්න හිතෙනවා..ඊට පස්සේ ඒකෙන් කෑල්ලැක් ශානුටත් කන්න දෙනවා...කොහොමද එයාගේ හුරතල් හා පැටියාගේ හා මස් එයාම කනකොට...රස ඇති නේද ජන්ග්කුක් !!

ටේ ඔප්පා කුක්කා දිහා රවාගෙන කියනකොට කුක්කා ඉක්මනට මගේ ඔඩොක්කුවෙන් නැගිටලා තඩි කෙල ගුලියක් ගිලලා ඉක්මනට ජින් ඔප්පාගෙ පිටිපස්සේ හැංගුනා..පව් කොල්ලා බය උනාද කොහෙද ??

ඔප්පා...පව් අනේ...

🐯 මායි ඔයාගේ ෆියොන්සේ නාදියා..

ඔප්පා එහෙම කියාගෙන මගේ ඔඩොක්කුවෙන් සැපට ඔලුව තියාගන්නකොට කට්ටියම හිනාවෙන්න පටන් ගත්තේ මෙයාලගේ පිස්සු වැඩවලට..කුකීයා නම් ජින් ඔප්පා පිටිපස්සේ ඉදන් තාම රවනවා..ඇත්තටම මේ කොල්ලා මගේ වයසේ කියලා කටක් ඇරලා කියන්නේ කොහොමද ?? කෙල්ලෙකුත් ඉදගෙන හැසිරෙන්නේ හරියට පොඩි එකෙක් වගේනේ..දෝනි හොදයි...

🦄 ලමයි දැන් ඇති...කෝ එන්න ප්‍රැක්ටිස් කරන්න..

🐯 රෑට ගමනක් යමු...

හොබි ඔප්පා කෑ ගැහුවාම හැමෝම ආයි නැගිටලා ප්‍රැක්ටිස් කරන්න ගියා..නැගිටිනකොට ඔප්පා මට රහසින් කතා කරලා කාටවත් පෙන්නේ නැති වෙන්න මගේ තොල්වලට පෙක් එකක් දෙන්නාත් ඔප්පා අමතක කරේ නෑ...හරි දැන් මන් රතු වෙනවා කියලා මගේ කම්මුල් රත් වෙන විදියෙන් තේරුනා...

🐥 මදුරුවෝ කෑවාම රතු උනාට කොටියෙක් කෑවාම රතු වෙනවා දැක්කාමයි...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now