⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 16🩸

51 14 20
                                    

"යාහ්හ් තමුන්.... නැගිටිනවා.... ඔතනින් නැගිටිනවා"

"ම්ම්ම් මොක්කද ප්‍රශ්නේ? මම ඔයාව අදුරන්නෙවත් නෑනේ. ඇයි මෙහෙම කෑගහන්නෙ?"

"යාහ් කවුද මේකට ඉන්වයිට් කලේ කියනවා😤"

"කිම් ටේහ්‍යුන්ග්😌"

"වට්🤨?!"

"දේ... එයා මගේ යාළුවෙක්..."

"හරි ඒවගෙන් වැඩක් නෑ... ඕක මගේ ඇඳුම... දෙනවා මෙහාට"

"හහ්😂🤨වට්?? තමුන්ට පිස්සු ද?"

"ඕක මමයි ගන්න හිටියේ... තමුන් කොහොමද මට කලින් ඕක ගත්තේ 😠😤"

"මේ මිස්.... 🤨 ඔයාට පිස්සුද??"

"සේහී.... බබා මොකද මේ? මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"අනේහ් බලන්නකෝ ජිනී...😭 මේ තමයි එදා මම ෂොප් එකේදී දැක්කා කිව්ව කෙල්ල. එයා මං ගන්න හිටිය ඩ්‍රස් එක අරං ඒක මෙහෙටම ඇඳගෙන ඇවිත්...."

(A/N : මතකයි නේ VIP ෂොප් එකට ආව අනිත් කෙල්ල තමයි සේහී... සේහී කියන්නේ.............😌ජින්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්... ඕකේ බායි🌝👋)

"මේ මිස්ටර් ඔයා කරුණාකරලා මෙයාව මෙතනින්-😳😳"

සූමින් එහෙම කියාගෙන හැරුණේ එයාගේ පිටිපස්සේ ඉදලා කතා කරපු කෙනාට. එයා කවුරු වුණත් තමන් ඉස්සරහ මේ කෑගහන කෙල්ලව දන්න කෙනෙක් කියලා තේරුණ නිසා එයාව එතනින් එක්ක යන්න කියලා කියන්නයි සූමින් ගියේ.. ඒත් වුණේ සූමින් කවදාවත් බලාපොරොත්තු වුණේ නැති දෙයක්.

Soomin's pov

මම හැරුණේ මේ කරදරකාරී මෙතනින් එක්ක යන්න කියන්න. ඒත් මගේ වචන විතරක් නෙවෙයි අත පය පවා ෆ්‍රීස් වෙලා වගේ දැනුණේ මගේ ඉස්සරහ හිටගෙන ඉන්න කෙනාව දැකලා. මම බලන්න කැමතිම වගේම අකමැතිම කෙනා මගේ ඉස්සරහ. වෙනදා වගේම හැම අතින්ම එයා පර්ෆෙක්ට්. ලයිට් පින්ක් ට්‍රවුසර් එකට පියෝ වයිට් ෂර්ට් ඒක යට කරලා ඒකටම මැච් වෙන්න ලයිට් පින්ක් බ්ලේසර් එකක් ඇදලා. නලලට වැටිලා තිබුණ කොන්ඩෙ නිසා එයාව තවත් ලස්සනට පෙනුණා. මට මොහොතකට හුස්ම ගන්න පවා අමතක වුණේ එයා එක එල්ලේම මං දිහා බලන් හිටිය විදිහට. ඒ ඇස්... මගේ දිහාටම හැරිලා... තවමත් මං ඒ ඇස් වල අතරමං වෙනවා. ඔව් හිත පිලිගන්න අකමැති වුණත් මේ මගේ ඉස්සරහ ඉන්නේ ජින් කියලා තේරුම් ගන්න මගේ මොළේට ඒ තරම් වෙලාවක් ගියේ නෑ. ඒත් මගේ බොළඳ හිත තාම කියනවා මේ එයා නොවෙන්න කියලා. මට දැනුණේ දුකයි සතුටයි මිශ්‍ර වුණ හැඟීමක්. ඇත්තටම මම හොඳ සිහියට ආවේ එයා අමාරුවෙන් වචන ගැටගහනවා ඇහිලා.

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now