⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 6🩸

50 11 8
                                    

"ඉතිං සේහී.... ඔයාට මොනවද මං එක්ක නිදහසේ කතා කරන්න ඕන කිව්වේ?"

"ඇත්තටම මට ඔයා ගැන හරිම සතුටුයි ජින්.... බලන්නකෝ ඔයා පර්ෆෙක්ට්..."

කම්මුලට පුංචි හාදුවක් දීලා ජින්ට තවත් තුරුළු වෙන ගමන් සේහී කිව්වා.

"මටත් සතුටුයි... ඒත් මේ හැමදේටම වඩා මම සතුටු වෙන්නේ ඔයා එක්ක ඉද්දී..."

"අනේ ජින් මම ඒක නොදන්නවා නෙවෙයි. ඒත් දන්නවනේ මගේ් බිසී ෂෙඩූල් එකත් එක්ක මට ඔයා එක්ක ඉන්න තියෙන වෙලාව අඩු වෙනවා."

"හ්ම් නා අරා.... කමක් නෑ සේහීයා ඒ ගැන ඔයා දුක් වෙන්න එපා. අලුත් හොස්පිට්ල් එකට ගියාම මටත් කොහොමත් වැඩ වැඩි වෙයි..."

අමාරුවෙන් හිනාවක් මූණට ගන්න ගමන් ජින් කිව්වා. මොකද එයා කොයි වෙලාවකවත් සේහී දුකින් ඉන්නවට කැමති වුණේ නෑ.
අප්පාගේ බල කිරීමට වෙඩින් එක ඉක්මනට ගමුද කියලා ජින් සේහීගෙන් ඇහුවත් ඒකට උත්තරයක් විදිහට සේහී කිව්වේ එයාව ටිකක් හම්බෙලා නිදහසේ කතා කරන්න ඕන කියලා විතරයි.

"ඔයා දන්නවනේ ජින්... මීඩියා වලට අපි දෙන්නා මැරි කරන්න ඉන්නේ කියලා කිව්වට මට මෙච්චර ඉක්මනට වෙඩින් එකක් ගැන හිතන්න අමාරුයි..."

"ම්ම්ම් ඒත් ඇයි?"

"මට තව මේ ෆීල්ඩ් එකේ තැන හදාගන්න ඕන ජින්"

"ඒත් ඔයා ලස්සනයි, ජනප්‍රියයි... ඉතිං තවත් මොනවද?"

"ඒක ඔයාට තේරෙන්නේ නෑ ජින්. මීට වඩා මට සාර්ථක වෙන්න ඕන. ඒක කවදා වෙයිද කියලා මම දන්නේ නෑ. සමහර විට ඒ අද හෙට වෙන්න පුළුවන්. නැත්තං තව අවුරුදු කීපෙකින් වෙන්නත් පුළුවන්"

"අරස්සෝ... මම බලන් ඉන්නම්"

"අනේ ජින් මියන්හේ... මට ඔයා දුකින් කියලා තේරෙනවා. ඒත් මොඩ්ලින් මගේ ජීවිතේ... මේක මගේ හීනයක්"

"හරි සේහී මට තේරෙනවා.."

"ඔයාට මං වෙනුවෙන් මේ හිටියා වගේ තව ටික කාලයක් බලන් ඉන්න පුළුවන් නේද? ම්ම්ම්ම්???"

"හහ් ටික කාලයක්....🙂 හාකෝ..."

"මම යනවා ජින්... ඔයා හිතලා තීරණයක් ගන්න. මට කියන්න තියෙන ටික මම කිව්වා..."

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now