⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 15🩸

56 15 25
                                    

📲📲📲

"යොබ්සයෝ.... සූමින්... ඔයා අද හවසට එනවා නේද?"

"අයිගෝ... ටේ😅 මම දැන් කීපාරක් කිව්වද... ඔව් ඔව් මම එනවා."

"හරි එහෙනම්... මම ඔයාව ගන්න එන්නද?"

"එපා එපා.... මම හොටෙල් එකට එන්නම්..."

"ම්ම්ම් හරි...."

"මතකයි නේ.... මම යාළුවෙක් හරිද? නෝ බිස්නස් ඩීල් ඕකේ?🧐"

"හරි හරි අනේ.... ඒක මට මතකයි. ඒක හැමවෙලේම මතක් කරන්න ඕන නෑ 😒"

"හහ් කියන්න බෑනේ... සෙල්ලක්කාර පොඩි කොල්ලෙක් ව ෂුවර් කරන්න පුළුවන් ද?😂"

"හහ් කවුද පොඩි කොල්ලා?😒"

"ඔයානේ....😂😂 ඇයි ඒකත් මම මතක් කරන්න ඕන ද?"

"අනියෝ.....😑 මට හොඳට තේරුණා... නූ...නා...😒"

"ආව්ව්ව් කියෝවෝ...😂🤭"

"අනේහ් මේ.. මම තියනවා හවසට එන්න එහෙනම්"

"අරස්සෝ....🤭"

📱🚫

Tae's pov

සූමින්.... මට හම්බුන හරි අමුතු කෙල්ලෙක්. මම ගොඩක් අයව සර්ප්‍රයිස් කරලා තියෙනවා. ඒත් මට සර්ප්‍රයිස් එකක් දුන්න කෙනෙක් තමයි සූමින් කියන්නේ. මම එයාව අදුරගෙන දැනට සතියක් විතර වුණත් මට දැනෙන්නේ මම එයාව ගොඩක් කල් ඉදලා අදුරනවා වගේ. හැමෝම කතා වෙන Ghost CEO මේ වගේ පොඩි කෙල්ලෙක් කියලා මමත් ඇත්තටම හිතුවේ නෑ. එයා ගැන මම අහලා තිබ්බේ කිසිම අනුකම්පාවක් නැති, සේවකයොන්ට ගොඩක් තදින් ඉන්න, සල්ලිම විතරක් ජීවිතේ කරගත්ත කෙනෙක් විදිහට. හැබැයි මේ සතියට මම තේරුම් ගත්තා සූමින් පිටට එහෙම පෙනුනනට ඇත්තටම එයාගේ ඇතුලේ ඉන්නේ දඟකාර පුංචි කෙල්ලෙක් කියලා.
එයා හැමෝගෙන්ම එයාගේ වෘත්තීය හංගන හේතුව මම දන්නෑ. ඒක එයා කිව්වොත් ඇරෙන්න මට ඒක දැනගන්න ඕනත් නෑ. හැබැයි මම ඒක දෙයක් හරියටම දන්නවා එයා ගොඩක් හොඳ යාළුවෙක්. යාළුවෙක් කිව්වට ගොඩක් හොද නූනා කෙනෙක් කියමුකෝ.... ඔව් ඇත්තටම එයා මට වඩා අවුරුද්දක් ලොකුයි😒 හහ් ඒකනේ ඔච්චර කියවන්නේ.... ජිමිනාට පස්සේ යාළුවෙක් විදිහට මට මේ කෙනෙක් හිතට දැනුණේ අවුරුදු ගාණකට පස්සේ. ඉතිං හැම අවුරුද්දකම තියෙන අපේ ෆැමිලි පාටි එකට මම, එයාටත් ඉන්වයිට් කලේ ඒක නිසා.

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now