⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 9🩸

44 12 4
                                    

"මැඩම් ඉන්ටර්වීව් එක පටන් ගන්න යන්නේ. අපි දැන් යන්න ඕන."

"අහ් එහෙමද... කෝ මට ෆයිල්ස් ටික දෙන්න."

පුටුවට බර වෙලා ලොකු කල්පනාවක හිටිය සූමින් හොඳ සිහියට ආවේ මිස්ට හන් කතා කරපු වෙලාවේ. ෆයිල්ස් ටිකත් අරං යන්න නැගිටිද්දීම කැබින් එකේ දොරත් වේගෙන් ඇරගෙන ඇතුලට ආවේ හොබී.

"හොබී!? මොකද මේ?🤨"

"නූ....නූනා.... හහ්.... ඔයාහ්... ඔයා මොකක්ද මේ කරන්න යන්නේ?"

"මොකක් ගැනද කියන්නේ?

"ඇත්තද ඔයා ඉන්ටර්වීව් එක හැඩ්ල් කරන්න යනවා කියන්නේ?"

"ඔව් ඇයි🤨"

"යාහ්හ්හ් නූනා මිච්චස්සෝ???😫"

"වේහ් වේහ්???"

"ආයෙත් ඒ මිනිහා ඉස්සරහට යන්න පිස්සු ද? ඔයාට ඕනේ ආයෙත් අසනීප වෙන්නද??! චෙබාල් නූනා ඔයා, ඔයා ගැන හිතන්නේ නැත්තං අඩුම ඔම්මා ගැනවත් හිතන්න. එයාට ඔයා අසනීප වෙනවා බලන්න කිසිම ඕනකමක් නෑ."

හොබී එකදිගට කියාගෙන ගියත් සූමින් කලේ ජනෙලෙන් එලිය බලාගෙන හිටිය එක විතරයි. හොබී කියන දේවල් වලට කිසිම ප්‍රතිචාරයක් නොපෙන්නපු සූමින්ගේ සිතුවිලි අතීතෙට ගියේ ඒ වෙලාවේමයි.

~Flash back

Soomin's pov

අදට මම ජීනී එක්ක එෆෙයාර් එක පටන් ගෙන මාසයක්. ඔය මෝඩයාට නම් ඒවා මතක නෑ. ඒත් මට ඕන වුණේ එයාව සර්ප්‍රයිස් කරන්න. ඉතිං මම කාඩ් එකකුයි, මගේ අතින්ම හැදුව පුංචි බ්‍රේස්ලට් එකකුයිත් අරං ගියේ ජිනී ව හම්බ වෙන්න. මේ වෙලාවට බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ඉවර වෙනවා කියලා දන්න නිසා මම ඒ පැත්තට ගියා.
ජිනී මට සින්දුවක් ලිව්වා කිව්වා. අද නම් එයාට මන් වෙනුවෙන් ඒ සිංදුව කියන්නම වෙනවා නිකම් නෙවෙයි ගිටාර් එකත් ප්ලේ කරන ගමන්. එයා ගිටාර් ප්ලේ කරනවා බලන් ඉන්න මම හරිම ආසයි. ඇත්තටම එයා මියුසික් වලට ගොඩක් දක්ෂයි. ඔව් ඉතිං මියුසික් ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් වුණේ ඒකනේ. මට මතකයි දවසක් කිව්වා එයාගේ හීනයක්ලු සිඩ්නි ඔපෙරා වල කොන්සර්ට් එකක් කරන එක. එයා කැමති නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න.. ඒත් මියුසික් කියන්නේ එයාගේ ජීවිතේ.
ඔහොම ජිනී ගැන එක එක ඒවා හිත හිත මම බාස්කට් බෝල් කෝට් එක පැත්තට යද්දි දැක්කෙ ස්කූල් චියරින්ග් ටීම් එකේ කෙල්ලො හතර පස් දෙනෙක් එතන පඩියකට වෙලා ඉදගෙන ඉන්නවා. මාව දැක්කම එයාලා මට අමුතුවට හිනා වෙන්න ගත්තා. කොහොමත් එයාලා එහෙමයි. මට ඉතිං යාළුවො නෑනේ. මමත් එයාලව මඟ ඇරලා යන්න හදද්දි ඒක කෙල්ලෙක් මට කතා කලා.

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now