⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 10🩸

43 14 15
                                    

"ජින්... මේක.... මේක තාම උඹ ළඟ තියෙනවා ද?🙁"

"හ්ම්... දැන්වත් තේරෙනවද මගේ හිතේ තියෙන පසුතැවීම කොච්චර ලොකුද කියලා. ඔය කොලෙත් බලන්නකෝ එතකොට ඔයාට තව හොඳට තේරයි🙂"

Namjoon's pov

ජින් මට තවත් කොලයක් දික් කලාම මම ඒක අතට ගත්තේ කුතුහලයකින්. ඒත් ඒක ඇතුලේ තිබිලා වැටුණ එක නම් මට හුරුපුරුදු දෙයක්. ඒ තමයි එදා සූමින් ජින්ට දෙන්න ආව බ්‍රේස්ලට් එක. ඇත්තටම එදා සිද්ධියෙන් දවස් තුනකට විතර පස්සෙ මම ගියා සූමින්ව බලන්න. ජින් අතෑරලා දාපු වෙන කෙල්ලෙක් නම් මම ආයෙ දූවිල්ලක් තරම් වත් ගණන් ගන්නේ නෑ. ඒත් සූමින් වෙනස්. ඒ කෙල්ල එහෙම තැලිලා පොඩි වුණ කෙල්ලෙක් නෙවෙයි. ඒ වගේම එයා ජින්ට ඇත්තටම ආදරේ කලා. අපේ බූරුවට ඒක තේරුම් ගන්න බැරි වුණාට සූමින් මං එක්ක කියලා තියෙන සමහර දේවල් නිසා මට නම් ඒක හොඳටම තේරිලා තිබුනා. මම සූමින්ව බලන්න ගියේ මටම හිතිලා. ඒ ළමයා මට මගේම නංගි කෙනෙක් වගේ. ජින්ට මම ඔය කෙල්ලො එක්ක කරන සෙල්ලම නවත්තන්න කිව්වත් එයා ඇහුවේ නෑ. මම ඒක නවත්තන්න කිව්වෙම දවසක අහිංසක කෙල්ලෙක් මේ නිසා විදවයි කියලා දන්න නිසාමයි. ඉතිං සූමින් ට වුණේ ඒක. මට ඒකමයි සූමින් ගැන දුක. මම සූමින්ව හම්බවෙන්න ගිය දවස ටිකක් අඳුරු දවසක්. උදේ ඉදලම චුරු චුරු ගාලා වැස්සක් තිබුණත් හවස් වෙද්දි පරිසරයම අඳුරු වෙලා තිබුණා.

Flash back

"ගෙදර කවුද....??"

සූමින්ගේ ගෙදර දොර ඉස්සරහ ඉදන් මම කතා කලේ ටිකක් බයෙන් වගේ. ටිකකින් මැදි වයසේ කාන්තාවන් ගේ ඇතුලේ ඉදලා ඇවිදගෙන එනවා මං දැක්කා. එයාව දැක්කා ගමන් ආයෙත් සුහදශීලී විදිහට මම කතා කරා.

"ආන්ටි සූමින්ගේ ඔම්මා වෙන්න ඕන?"

"දේ.... ඔය ළමයා කවුද?"

"ආහ් මම සූමින්ගේ ඉස්කෝලෙන්. මම ඉස්කෝලේ හෙඩ් බෝයි. පොඩි පණිවිඩයක් දැනගන්න තමයි ආවේ. මට සූමින්ව හම්බවෙන්න පුළුවන් ද?"

"ආහ් එහෙමද... එන්නකො එහෙනම් ඇතුලට."

එකපාර ඇත්ත කියන්න බැරි නිසා මට පොඩි බොරුවක් කියන්න වුණා. ඒත් ඒ කිව්ව සේරම බොරු නෙවෙයි. ඇත්තටම මං තමයි ඉස්කෝලෙ හෙඩ් බෝයි.

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now