යූන්ගි ඔප්පා අත් දෙක උස්සන් වන වන නටනවා...සේහි ඔන්නිව ලග තියන් ගමට ඇහෙන්න සේහී සේහි ගානවා..සේහි ඔන්නි ඉතින් මෙයාලගේ හැටි දන්න නිසා කටවහගෙන හිටියා..හැබැයි එයා හොද වැඩක් කරා..ඒ මේ හැමෝගෙම දේවල් වීඩියෝ කරා..ඔන්නි තමා හොදටම කරේ..

ජිමින් ඔප්පා අයිශුව බදාගෙන එහෙන්..අයිශුට හෙල්ලෙන්න බැහැ...මන් ආයි ඔයාට මාව දාලා යන්න දෙන්නෙ නෑ ගගා බදාගෙන..මටත් බනිනවා මන් එයාගේ කෙල්ලව පැහැරගෙන ගියා කියලා..ඇයි යකෝ මන් අඩගැහුවේ නෑනේ..එයානේ මගේ පස්සෙන් ආවේ..බීලා නිසා බොරු චෝදනවා ඉවසගෙන පාඩුවේ හිටියේ..නැත්තන් මන් ඔප්පා ගැන බලාගන්නවා..

එහෙන් කුක්කා බීලා රොමෑන්ටික් වෙලා අපි ඔක්කොම ඉස්සරහ ශානුව කිස් කරා..කෙල්ල නම් පීච් ගෙඩියක් වගේ හිටියේ..හොදම වැඩේ කියන්නේ ශානු තමයි දෝනිගේ මොන්ඩිසෝරි ටීචර්..එතකොට එදා ටේ ඔප්පා සුද්ද කොරියන් වලින් බැනුම් ඇහුවේ ශානුගෙන්...ඒක කියපු වෙලේ නම් ඔප්පාගේ මූන නිකන් වලක් කපන් වැලලෙන්න තිබ්බා නම් හරි වගේ තිබ්බේ..කොහොමත් බීලා වැඩි වෙලා ශානු බැන්නා කියලා මාව බදාගෙන ඇඩුවා...එයා කියපු එකම වාක්‍ය

" මේ කිම් ටේහ්‍යුන්ට කෙල්ලෙක් බැන්නා..ඒකත් කුක්කාගේ කෙල්ල..."

ඔන්න ඕක කිය කිය මාව බදාගෙන අඩපු එක තමා මුලු රෑම කරේ...දරුවා නැගිටින නිසා කට අතින් වහලා බාතෲම් එකට එක්කන් ගිහින් ශවර් එක ඇරියා..කොල්ලා සීතලේ වෙව්ලලා පොඩි එකෙක් වගේ මගේ මූන බලන් ඉන්නකොට මට දුකත් හිතුනා..හැබැයි සීතලට වෙරි හිදුනාද කොහෙද.. අන්තිමට ශර්ට් එක අන්දවන්න උනෙත් මට..වෙලාවට වෙරි හිදිලා තිබ්බේ..නැත්තන් මේකා ශෝර්ටත් මට කියලාම අන්දවගන්නවා..අන්තිමට ටේ ඔප්පා මාවත් බදාගෙනම නිදාගත්තා..

ඔප්පා නැගිටින්න..කෝ නැගිටින්නකෝ...

මන් දැන් මේ හෙන වෙලාවක් තිස්සේ ටේ ඔප්පාව ඇහැරවන්නේ..එයා නෙමෙයි හ්ම් කියන්නේ..අප්පාට හරියන්නම දෝනිත් නිදි..

දෝනි...නැගිටින්න මැණික...

බොහොම අමාරුවෙන් කෙල්ල යාන්තම් ඇස් අරිනකොට මට හිනාත් ගියා..අප්පා වගේමයි..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now