P𝚊𝚛𝚝 0️⃣5️⃣

Start from the beginning
                                    

" ඕ....සොරි අකීල් මට අමතක වුනා,
ඕල් ද බෙස්ට් අකීල්.......ඔයා අනිවාර්යයෙන්ම වින් කරයි,
බට් අකීල්, සෝ සොරි .........
මට එන්න වෙන එකක් නැ..
අද මං තියටර් ඉන්නම ඕනි දවසක් .."



" No Problem සහේශ් .......
මං නිකමට අරන් ආවේ, ඇන්ඩ් තැන්ක්යු "




" අකීල් !..
මේක වෙන කාටවත් දෙනවානම් දෙන්න ,
අපරාදේනේ.."



" වෙන දෙන්න කෙනෙක් නැ බං,
මට පරක්කු වෙනවා මං යනවා......"

" ආ.....සහේශ් ටී හදලා ප්ලාස්ක් එකේ !!!!! "

යන්න ගිය තෙවාන් නැවතත් තම කාමරටය හිස පොවා කැ ගැසුවේ ජානුල්‍ය බාත්රැම් එකට යනවාත් එක්කමයි.

**************

තරඟය සදහා සියල්ල සුදානම් වෙද්දී ,
නොසන්සුන්ව ගැහෙන තම හදවතේ ගැස්ම සංසුන් කරගැනුමට මෙන් තෙවාන් ගැඹුරු හුස්මක් ගත්තේ දැඩි අධිෂ්ඨානයෙන් යුක්තවයි.......

ලද විධානයට අනුව ආරම්භ වු තරඟය ,
රැස්ව සිටින්නන්ගේන් තෙවාන්ගේ නම උස්ව අ⁣හෙද්දී .......
ඔහු තම සිහිනයට පලමු පියවර තබමින් ජයග්‍රහණය සියතට ගත්තේ මාස ගණනක ඔහුගේ මහන්සිය මල්ඵල ගන්වමින්...

" තේවා ..! තේවා...!
උඹ දින්නා කොල්ලෝ ....උඹ දින්නා....
ආයිම උඹ නතර කරන්න කාටවත් බැ තේවා..
මට සතුටුයි තේවා..මට කියාගන්න බැරි තරම් සතුටුයි .."

තමාව වැළඳගෙන තම ජයග්‍රහණය වෙනුවෙන් මිතුරා කදුළු සලද්දී තෙවාන්ගේ දෙනෙතත් තෙත් වුයේ දැනෙන සතුට නිසයි..

ඉතා කලබලකාරි පැය කීපයක් එලෙ⁣සම ගත කල තෙවාන්,
සිය දුරකථන අතට ගත්තේ සහේශ් හට තම ජයග්‍රහණයේ පණිවිඩය දෙන්න වුවත් ඔහුගේ දුරකථන ක්‍රියා විරහිතව විය.

සවස් වන තුරැම මිතුරන් හා ගත කල තෙවාන් හට ජයග්‍රහණයේ සතුට සැමරිමට මිතුුරන්ගේ ආරාධනාවන්ගෙන් ගැලවුමක් නොමැති තැන ,
රාත්‍රියේ සමාජ ශාලාවේ දී නැවත මුනගැහෙන පොරොන්දු පිට තෙවාන් එතනින් පිට වුයේ ජානුල්‍ය සොයා රෝහල වෙතයි.

" එක්ස්කියුස් මී මිස් ! "


" ඔව් කියන්න සර් ?... "



🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now